ජිවිතේ පළවෙනි වතාවට I LOVE YOU කියන්නේ මෙහෙමයි

February 12, 2017
12,779
How To Say I love You For The First Time
ආදරේ කියන්නේ පුදුම දෙයක්. මොකද ආදරේ කොයි වෙලාවේ කොහොම ඇති වෙනවද කියලා අපි කාටවත් හිතා ගන්න බෑ. මේ විදිහට ජිවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට ආදරයක් හිතට දැනුනම ඒ කෙනා ඇත්තටම ටිකක් කලබල වෙනවා. මොකද මේ හිත ඇතුලේ දගලන ආදරණිය හැගීම් ඔක්කොම ටික එකතු කරලා කියන්න පුළුවන් ඒ ලස්සන වචන තුන කොහොමද තමන්ගේ ආදරේ දිනා ගත්ත කෙනාට කියන්නේ කියලා. මේ කාරණා ටික ආදරයේ මුලකුරු ඇහිදින ඔයාට ඔයාගේ ආදරේ පාඩම කියල දේවී, ඊට පස්සේ ඔයාට පුළුවන් හිතේ කිසිම බයක් නැතුව ඔයාගේ හිත ගත්ත කෙනාට I LOVE YOU කියල කියන්න.

1. හොදින් හිතලා බලන්න මේ ඔබට සම්බන්දතාවයක් පටන් ගන්න හරිම වෙලාවද කියලා

ආදරේදී ටිකක් ඉක්මන් තීරණ ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. මොකද ආදරේ කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැදුණු සංවේදී දෙයක්. මේ නිසා ආදරේට කෙනෙක් තොර ගනිද්දි වගේම ආදරේ ප්‍රකාශ කරද්දිත් අපි හොදට හිතලා බලන්න ඕනේ. ගොඩක් දෙනෙක් ආදරේ නිසා සුන්දර කරගන්න ඕනේ ජිවිතේ විනාශ කර ගන්නෙත් ආදරේදි ඉක්මන් වෙන්න ගිහින්. ඒ නිසා සබදතාවයක් පටන්ගන්න කලින් හොදට හිතලා බලන්න මේ ඒකට හරිම වෙලාවද කියලා.

2. මතක තියාගන්න ආදරය ප්‍රකාශ කිරීමේ පළමු පියවර කාන්තා ඔබටත් තියන්න පුළුවන් කියලා

සමාජයේ හැමෝම අතර ප්‍රසිද්ධ මතයක් තමයි පිරිමියා මුලින්ම ආදරය ප්‍රකාශ කරන්න ඕනේ. කාන්තාව තමන්ගේ හිතේ තියන දේවල් පිරිමියාට කලින් ප්‍රකාශ කරන්න හොද නෑ කියන එක. ගොඩක් දෙනෙක් හිතන්නේ කාන්තාවක් පළමුවෙන්ම ආදරය ප්‍රකාශ කරන එක ලැජ්ජාවට කාරණාවක් කියලා. මේකෙන් ඉතිං පාඩුව වෙන්නේ කාන්තා පාර්ශවයටම තමයි. ඒක නිසා මේ සමාජයේ තියන බොරු මත වලට වහල් වෙලා ඉන්නේ නැතුව ඔබේ හිතේ ඇති උන ආදරේ වෙන කෙනෙක්ගේ වෙන්න කලින් ඒ ආදරේ ප්‍රකාශ කරන්න.

3. ඔබ ඔහුට හෝ ඇයට ආදරය කරන හේතු කියන්න ඉක්මන් වෙන්න එපා

ආදරේදී මුලින්ම වැදගත් වෙන්නේ ආදරය මිසක් ආදරය කරන්න බලපෑව හේතු නෙවෙයි. මේ නිසා ඔබ කෙනෙක්ට මුළින්ම ආදරේ ප්‍රකාශ කරනකොට ඔබ ඔහුට හෝ ඇයට ආදරේ බව විතරක් පවසන්න. බොහොමයක් දෙනා ඔවුන්ගේ ආදරය පිළිගන්න හිත ගත්ත කෙනා අකමැති වෙයි කියල හිතල ආදරය ප්‍රකාශ කිරීමේදී තමන්ගේ ආදරය සාධාරණිකරණය කරන්න හේතු දක්වමින් මේ වගේ දේවල් ප්‍රකාශ කරනවා."මං ඔයාට ආදරෙයි මොකද ඔයා ගොඩක් ලස්සනයි","මං ඔයාට ආදරෙයි ඔයා ගොඩක් හොද කෙනෙක්" ඔබ මේ විදිහට ඔබේ ආදරේ සාධාරණිකරණය කරන්න ගියොත් ගොඩක් වෙලාවට ඔබේ හිත ගත් කෙනා ඔබව වැරදියට තේරුම් ගන්න පුළුවන්. මේ නිසා ඔබ පළමු වතාවට ආදරේ ප්‍රකාශ කරන අවස්ථාවේදී ඔබේ ආදරය වෙනුවෙන් හේතු දක්වන්න ඉක්මන් වෙන්න එපා. මුළින්ම ඔබ ඔහුට හෝ ඇයට ආදරේ බව විතරක් පවසන්න.

4.ආදරේ ප්‍රකාශ කරන්න නිදහස් සුන්දර තැනක් තෝරාගන්න

ගොඩක් පෙම්වතුන් තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න නිවැරදි වෙලාව නිවැරදි තැන මොකක්ද කියලා හිතනේ නැතුව කටයුතු කරනවා. ඔවුන් කරන්නේ දුරකථනයෙන් හෝ මග තොටේදී තමන්ගේ ආදරය ප්‍රකාශ කරන එක. මේකෙන් වෙන්නේ අනෙක් කෙනාගේ හිතේ ඔබ ගැන පැහැදීමක් ඇතිවෙන එක නම් නෙවෙයි. මොකද හැමෝම කැමති තමාගේ ආදරේ පළමු අත්දැකීම සුන්දර එකක් කර ගන්න. ඔබ එය අසුන්දර දෙයක් කරොත් එය ඔබේ ආදරයට අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් ඇති කරාවි. ඔබට පුළුවන් ඔහු හෝ ඇය වෙනුවෙන් සුන්දර නිදහස් තැනක් තෝරාගන්න. එවිට දෙදෙනාටම නිදහසේ කතාබහ කරන්න පුළුවන් වෙනවා වගේම ඔබ සහ ඔබේ ආදරය ඔවුන්ගේ ජීවිතයේ විශේෂ දෙයක් බවට අනිවාර්යෙන්ම පත් වේවි.

5. ඔබ ආදරය ප්‍රකාශ කල පසු ඔවුන් ඔබට ආදරය ප්‍රකාශ නොකළහොත් කලබල වෙන්න එපා

බොහොමයක් දෙනා හිතන්නේ ඔවුන් කෙනෙකුට ආදරය ප්‍රකාශ කල පසු ඔහු හෝ ඇයත් අනිවාර්යෙන්ම ඔවුන්ට ආදරය ප්‍රකාශ කල යුතු බවයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඔබ ඉන්න මානසික තත්වයේම නෙවෙයි අනෙක් කෙනා ඉන්නේ. අතැම් විට ඔවුන් ආදර සබදතාවයක් පටන් ගන්න තරම් යහපත් මානසික තත්වයක් නොසිටින්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට ඔබගේ යෝජනාව පුදුමයට කාරණාවක් වෙන්න පුළුවන්. මේ නිසා ඔවුන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඔබ කලබල නොවී ඔවුන්ට කාලය ලබා දිය යුතුයි. ඔබ ඔහු හෝ ඇයට ලබා දෙන මේ කාලය ඔබ දෙදෙනා අතර යහපත් සබදතාවයක් ආරම්භ කරන්න හේතුවක් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 47 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:24:20 PM
Script:/article/47/how-to-say-i-love-you-for-the-first-time.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:24:20 PM
Script:/article/47/how-to-say-i-love-you-for-the-first-time.html