එක රැයින් රුව වඩවන ලේසි පහසු beauty tips

November 22, 2017
21,932
Tips to upgrade your beauty over night
ගොඩක් දෙනෙක්ගේ ලස්සන කියන දේ මුහුණට විතරක් සිමා වෙනවා. මුහුණේ ලස්සන විතරක් රැක ගන්නවාට වඩා සමස්ත සිරුරේම සුන්දරත්වය වැඩි කර ගන්න අවශ්‍ය දේවල් කරන එක තමයි ගොඩක් වැදගත්. මුහුණේ පැහැය, ලප කැළැල්, දෙතොල් වල සුන්දරත්වය ගැන වගේම කෙස් කළඹ, නිය පෙළ, අත්, කකුල් වල සුන්දරත්වය ගැනත් අවදානය දිය යුතුයි. නැත්තන් මූණ බලලා කකුල් දෙක දිහා බලද්දී මූණේ තිබුණු ලස්සනෙනුත් වැඩක් නැති වෙනවා.

රාත්‍රියේදී අපේ සිරුරේ ක්‍රියාවලිය අපේ නිරෝගී බවට වගේම සුන්දරත්වයට උදවු වෙනවා. මුහුණේ වගේම මුළු සිරුරේම සුන්දරත්වය වැඩි කර ගන්න මේ පුංචි පුංචි tips ඔයාට උදවු වෙයි.

1. දෙතොල් සම්බාහනය

ස්භාවිකව තොල් වල තෙතමනය රැක ගැනීම අඩපණ වුණාම තොල් වියලෙන්න, පැලෙන්න ගන්නවා. මේ තත්ත්වය අවම කරන්න අමන්ඩ් තෙල් හෝ මී පැණි තොල් වල අලේප කර විනාඩි 5ත් 10ත් අතර කාලයක් සම්භාහනය කරන්න. එහෙමත් නැත්තන් ඔයාට තොල් වලට නිවසේදීම lip balm එකක් සකස් කර ගන්නත් පුළුවන්. හරිම පහසුයි. බටර් වලට රෝස වතුර ස්වල්පයක් එක කරලා හොඳින් මිශ්‍ර කර තොල් වල අලේප කරන්න විතරයි තියෙන්නේ.

2. ඇහි බැම

කළු පැහැති ඝන ඇහි බැම මුහුණට තවත් සුන්දරත්වයක් එක් කරනවා. රාත්‍රී නින්දට පෙර ඇහි බැම සහ ඇහි පිහාටු වල පොල් තෙල් හෝ එඬරු තෙල් ආලේපයෙන් ඝන ඇහි බැමක් ලබා ගන්න පුළුවන්.

3. නියපෙළ

නියපොතු වල ගොරෝසු ගතිය පමණක් නොව, වියළි බවින් වලක්වා ගන්න, නියපොතු වල සිනිඳු බව රැක ගන්න නින්දට පෙර පොල් තෙල් හෝ ඔලිව් තෙල් නියපොතු වල අලේප කරන්න.

4. දෑත්

දෑත් වල වියළි බව සුන්දරත්වයට ලොකු හානියක්. ඒ වගේම දෑත් වලට ස්වභාවික scrub එකක් කිරීමෙන් රළු බව අවම කර ගන්න පුළුවන්. ඔලිව් තෙල් සහ සීනි අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් අරගෙන හොඳින් මිශ්‍ර කරලා වියුණු දෑත් වල ආලේප කර විනාඩි 15කින් පමණ මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න.

5 කකුල්

අපේ කකුල් දෙක තමයි නිතරම සහ වැඩිපුරම කුණු දූවිලි එක්ක ගැටෙන්නේ. ඒ වගේම නිතරම හිරු එලියට නිරාවරණය වීමෙන් පිළිස්සීමට, වියලීමට ලක් වෙනවා. කකුල් පැලීම කියන්නෙත් ගොඩක් අයට කරදරයක් වුනු තත්ත්වයක්. ඒ නිසා කකුල් දෙකට අමතර සත්කාරයක් සහ විශේෂ අවදානයක් ලබා දිය යුතුයි. රාත්‍රී නින්දට පෙර හොඳින් පිරිසිදු කර ගත් කකුල් සහ යටි පතුල් වල රත් කර ගත් ඔලිව් තෙල් ආලේප කරන්න. ඊට පස්සේ කකුල් වලට මේස් දෙකක් දමා ගෙන නින්දට යන්න. කකුල් වල සුමුදු බව රැක ගන්න මේක හොඳ ප්‍රතිකාරයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 534 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:10:01 PM
Script:/article/534/tips-to-upgrade-your-beauty-over-night.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:10:01 PM
Script:/article/534/tips-to-upgrade-your-beauty-over-night.html