අවශ්‍ය ද්‍රව්‍ය
රයිස් වර්මසිලි ග්‍රෑම් 250
එළවළු තෙල් මිලි ලීටර් 300
පිරිසිදු කරගත් ඉස්සන් ග්‍රෑම් 50
පිරිසිදු කරගත් දැල්ලෝ ග්‍රෑම් 50
තෝර මාළු ග්‍රෑම් 50
පාට 3න් බෙල් පෙපර් ග්‍රෑම් 10 බැගින්
කැරට් ග්‍රෑම් 10
තක්කාලි ග්‍රෑම් 10
ලීක්ස් ග්‍රෑම් 10
හතු ග්‍රෑම් 5
ළපටි කෝන් ග්‍රෑම් 5
තක්කාලි සෝස් ග්‍රෑම් 25
සෝයා සෝස් මේස හැඳි 3
ඔයිස්ටර් සෝස් මේස හැඳි 3
මෙයොනේස් සෝස් මේස හැඳි 2
තල තෙල් තේ හැඳි 1
ගොරකා ග්‍රෑම් 5
කෝන් පිටි තේ හැඳි 1
සුදු ලූණු බික් 2
ඉඟුරු ග්‍රෑම් 5
ලොකු ලූණු ග්‍රෑම් 5
සාදන ක්‍රමය
1. රයිස් වර්මසිලි ගැඹුරු එළවළු තෙලේ බැදගෙන තෙල් බේරෙන්නට තබන්න.
2. ඉස්සන්, දැල්ලන් සහ තෝර මාළු කුඩාවට කපාගෙන ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබන්න.
3. වෙනත් බඳුනක් ලිප තබා තලතෙල් දමා රත්කරගෙන සුදු ලුනු, ලොකු ලුනු. ඉඟුරු දමා තරමක් බැදගන්න.
4. එළවළු සහ බැදගත් මුහුදු ආහාර එකතු කරන්න.
5. වෙනත් බඳුනක මෙයොනේස් සෝස්, බෙල් පෙපර්, ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස් එක්කරන්න. රස පදමට ලුණු, ගම්මිරිස් දමා ගන්න. මෙම සෝස් එකට කෝන් පිටි දමා තරමක් උකුවට සාදා ගන්න.
6. පිළිගන්වන පිඟාන මතට බැදගත් වර්මසීලි දමා ඒ මතට ඉස්සන්, දැල්ලන් සහ තෝරමාළු තබා සැරසිල්ලක් එක් කර පිළිගන්වන්න.