අවශ්‍ය ද්‍රව්‍ය
මාළු මිරිස් කරල් 2
සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩි 1
තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
තුනපහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
කරපිංචා කොළ 4
සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
කහ කුඩු තේ හැඳි 1/4
කුරුඳු පොතු අඟල් 1
පොල් කිරි අඬු කෝප්ප 1
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
1. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා සුදු ලූනු රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
2. එයට සිහින්ව කපාගත් ලොකු ලූනු, කරපිංචා, පොඩි කරගත් අල, මිරිස් කුඩු සහ ලූණු ස්වල්පයක් එක්කර පිසගන්න.
3. ඉන්පසු මාළු මිරිස් කරල එක පැත්තකින් දිග අතට කපාගෙන ඇට ඉවත් කර මිශ්‍රණය පුරවා ගන්න.
4. ඒ අතරතුර තුනපහ කුඩු, කහ කුඩු, කුරුඳු පොතු සහ ලුණු ස්වල්පයක් දමාගත් පොල් කිරි ලිප තබාගන්න. පුරවාගත් මාළු මිරිස් පොල් කිරි මිශ්‍රණයේ හොඳින් පිසගන්න.