තක්කාලි චට්නි

April 18, 2020
3,171
Tomato Chutney
අවන්හලකින් තෝස කනකොට ලැබෙන සයිඩ් ඩිෂ් එකක් තමයි තක්කාලි චට්නි. මේ රසවත් චට්නි එක තෝස වගේම ඉඩ්ලි, ආප්ප, උප්මා එක්කත් කන්න පුළුවන්. මේ කටට කෙල උනන තක්කාලි චට්නි එක හදන හැටි ඉගෙන ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

කුඩාවට කපාගත් හොඳින් ඉදුනු ලොකු තක්කාලි ගෙඩි 3
තලාගත් ගම්මිරිස් ඇට තේ හැඳි 1
අබ තේ හැඳි 1/2
සූදුරු තේ හැඳි 1
ගිතෙල් හෝ ඔබ පිසීමට ගන්නා තෙල් මේස හැඳි 1
කහ කුඩු චුට්ටක්
සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල මේස හැඳි 4 හෝ කරපිංචා කොල ඉත්තක්
වතුර කෝප්ප 1/4
ලුණු රස අනුව

සාදන ආකාරය :

01. තෙල් ටික නොන් ස්ටික් පෑන් එකක රත් වෙන්න හැර එය රත් වන විට අබ ටික එකතු කරන්න.

02. අබ පුපුරන විට එයට සූදුරු ටික එකතු කර සූදුරු තද පැහැයට එන විට තක්කලි ටික එකතු කරන්න. තක්කලි ටික කුඩාවට කපාගන්නා තරමට පිසීම ඉක්මන්.

03. තක්කාලි ටික මෘදු වන තෙක් හැඳි ගාමින් පිස ගන්න.

04. තක්කලි ටික මෘදු වූ පසු එයට වතුර කෝප්ප 1/4 එකතු කර අඩු ගින්දරේ ඉදෙන්න දෙන්න.

05. විනාඩි 4-5ක් යන විට ඔබට පෙනේවි වතුර හිඳීගෙන යන බවක්. එවිට එයට ලුණු සහ කහ එකතු කර හොඳින් කලවම් කරන්න.

06. දැන් එයට ගම්මිරිස් සහ කොත්තමලි කොල හෝ කරපිංචා කොල ටික එකතු කර විනාඩි 3-4ක් පිස ගෙන ලිපෙන් ඉවතට ගන්න.

07. ඔබට කල් තබා ගන්න ඕනේ නම් තව විනාඩියක් පමණ පිසගෙන ලිපෙන් ඉවතට ගන්න පුළුවන්.

08. සුළං නොවදින ඇසුරුමක ශීතකරණයේ දින 4ක් පමණ කල් තබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1560 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:41 AM
Script:/article/1560/tomato-chutney.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:41 AM
Script:/article/1560/tomato-chutney.html