කටට රහට උයන්න පිහන්න දක්ෂ අපේ හැඩකාරියන් චීස් යොදා ගෙන රසවත් ආහාර හදනවානේ. ඔන්න.. එහෙම නම් චීස්වල පැටිකිරියත් දැනගන්න ආසා ඇති නේ..
මොසරැල්ලා චීස් (Mozzarella)
පිට්සා හදන්න යොදා ගන්නා මොසරැල්ලා චීස් ඕනෑම කිරි වර්ගයකින් නිෂ්පාදනය කරන්න පුලුවන්. මොසරැල්ලා ගැන මුලින්ම ලිඛිත සටහනක් දක්නට ලැබෙන්නේ 1570 වසරේ සුපශාස්ත්‍ර කෘතියකින් බව සඳහන් වෙනවා. සාමාන්‍ය චීස් නිපදවීමේ ක්‍රියාවලිය මෙන් නොව මොසරැල්ලා චීස් පිලියෙල කිරීමෙන් පසුව කල් තැබීම අවශ්‍ය නැහැ. ඇතැම් අවස්ථාවන්හි “ඔරිගානෝ” වැනි කුලුබඩුත් මේ වෙනුවෙන් එකතු කරනවා.
චෙඩාර් (Cheddar)
එංගලන්තයේ “චෙඩාර්” ගම්මානයෙන් උපත ලද නිසාම මේ වර්ගයට “චෙඩාර්” යනුවෙන් නම් ලැබී තිබෙනවා. 12 වැනි සියවස වැනි ඈත අතීතයක හිමිකම් ඇතැත් වර්තමාන වට්ටෝරුවේ අයිතිකරු ලෙස “ජෝසප් හර්ඩීන්” සලකනු ලබනවා. බනිස්, පැස්ටා, බර්ගර් සමග හොඳම ගැලපුමක් ඇති චෙඩාර් චීස් මාස තුනක් පමණ පරණ කිරීමේ ක්‍රියාවලියට ලක් වෙනවා.
ගෞඩා (Gouda)
ගුණාත්මක බවෙන් ඉහල මෙම Gouda චීස් නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලෙසින් එළකිරි යොදා ගැනේ. ලන්දේසි ජාතිකයන්ගේ හඳුනාගැනෘමක් වන “ගෞඩා” චීස් මුලින්ම අලෙවි වී ඇත්තේ ගෞඩා නගරයේ නිසාම මේ නමින් හැඳින්වෙනවා. සැන්ඩ්විච්, සලාද, වයින්, බියර් සමග ගැලපෙන ගෞඩා චීස් නිෂ්පාදනයේදී මාස තුනක පමණ කාලයක් පටන් අවුරුද්දක් තරම් පරණ කිරීමේ ක්‍රියාවලියට නතු වෙනවා. පරණ වෙන තරමට ප්‍රමිතිය ඉහල බව සැලකෙන මේ චීස් වර්ගය තද ගතියකින් යුක්තයි.
පාමසාන් (Parmesan)
ඝකතම් සහිත “පාර්මසාන්” චීස් එළකිරි භාවිතයෙන් නිෂ්පාදනය කරන අතර ඉතාලියට ආවේනික වර්ගයක්. මෙය වසරක පටන් වසර තුනක පමණ කාලයක් පරණ කිරීමේ ක්‍රියාවලියට පත් වෙන අතර 13 සහ 14 වැනි සියවසක තරම් පැරණි බවට සාක්ෂි සටහන් තිබෙනවා. පැස්ටා, සුප්, සැලඩ් සමග විතරක් නොවෙයි, වෙනත් ආහාරයක් නැතුව වුනත් රස බලන්න බාධාවක් නැහැ.
තලේන්ජිඕ (Taleggio)
“තලේන්ජිඕ” චීස්වල අයිතියත් ඉතාලියටයි. සාමාන්‍ය ඇඹුල් ගතියක් දැනුනත් එය මෘදු පළතුරු රසයක් නිසා කෑමට අරුචියක් ඇති වෙන්නේ නැහැ. 17 වන සියවසේ පටන් අද දක්වාම පැවැතෙන මේ චීස් මාස තුනක පරණ කිරීමේ ක්‍රියාවලියකට යොමු වෙන අතර අමුද්‍රව්‍ය විදිහට එළකිරි යොදා ගන්නවා. සරත් සහ ශීත සෘතුවලදී නිෂ්පාදනය ආරම්භ කරන “තලේන්ජිඕ” චීස් වර්ගය සලාද වෙනුවෙන් වැඩියෙන් භාවිතා වෙනවා.
ෆෙටා (Feta)
සැන්ඩ්විච්, ඔම්ලට් වැනි කෑම වර්ගවලට වගේම ග්‍රිල් කිරීමෙන් නිපදවන ආහාර වර්ගවලටත් යෝග්‍ය “ෆෙටා” චීස් වෙනුවෙන් ග්‍රිසිය අයිතිකම් කියනවා. බැටලු කිරි ප්‍රධාන වශයෙන් යොදා ගන්නා අතර ඇතැම් විට එළු කිරිත් සංයෝග කරන අවස්ථාවන් තිබෙනවා. එළකිරි යොදා ගෙන නිෂ්පාදනය කරන රටවල්ද තිබෙනවා. ක්‍රි. පු 8 වැනි සියවස තෙක් වූ අතීතයකට හිමිකම් කියන ෆෙටා චීස්වල ඇති ලුණු රසයට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. මාස තුනක පමණ පරණ කිරීමේ ක්‍රියාවලියකින් පසුව පරිභෝජනයට ගන්නා මෙම වර්ගය ඉතා මෘදුයි.
ඇමෙන්ටාල් (Emmental)
14 වැනි සියවස තරම් ඈත යුගයක හිමිකම ඇති Emmental චීස් ඉතා රසවත් අමුද්‍රව්‍ය විදිහට එළකිරි යොදා ගන්නා අතර මාස දෙකක සිට 18 ක් වැනි කාලයක් පුරා පරණ කිරීමේ ක්‍රියාවලියට යොමු වෙනවා. ග්‍රිල් කරන ලද සැන්ඩ්විච්, චීස් පායි වැනි ආහාර සමගත් පැස්ටා සමගත් ඉතා ගැලපෙනවා. මෙම “ඇමෙන්ටාල්” චීස්වල ඇති තවත් විහේෂත්වයක් නම් සිදුරු සහිත වීමයි.
කොටීහා (Cotija)
මෙක්සිකෝවට අයත් යැයි කියන “කොටීහා” ( Cotija ) චීස් වල වර්ග දෙකක් තිබෙනවා.එක් වර්ගයක් තද ගතියෙන්ද අනෙක් වර්ගය වියලි ගතියෙන් යුක්තයි. කඳුකර චීස් යනුවෙනුත් හැඳින්වෙන මේ චීස් වර්ගය නිපදවන පිරිස් ජීවත් වෙන්නේ මීටර් 1700 කටත් වඩා උස් කඳුකර ප්‍රදේශවලයි. එළකිරෙන් නිපදවන මෙම චීස් බුරීටෝ, ටාකෝ, සුප් සහ සලාද සමගත් ගැලපෙනවා.
කැමම්බෑ (Camembert)
කැමම්බෑ චීස් ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ 1790 වැනි කාලයක වුනත් අද තිබෙන වට්ටෝරුව 19 වන සියවසට අයත් යැයි අනුමාන කරනවා. මෘදු නිසා පිසින විට ඉක්මනින්ම උණුවෙන ගතියෙන් යුක්තයි. ප්‍රංශයට අයිතිය ඇති මේ කැමම්බෑ චීස් කැසරෝල්, පාන්, සුප් සමග ගැලපෙනවා.
රොක්ෆෝ (Roquefort)
බැටලු කිරිවලින් නිපදවන රොක්ෆෝ චීස් වල තිබෙන නිල් පැහැති ලප මුල් කර ගෙන අපුරු කතාවකුත් තිබෙනවා. එක්තරා තරුණයෙක් බැටලු කිරෙන් හදන ලද චීස් පෙත්තක් කකා සිටියදී තරුණියක දැක චීස් පෙත්ත පසෙක තබා ඇය සමග කථාවට ගියා. චීස් පෙත්ත එතැනම මාස ගණනක් තබුන අතර දිනක් මුලින් කී තරුණයා එතැනට එන විට චීස් පෙත්ත පුරා නිල් පැහැති ලප තිබුන අතර ඒ සිද්ධියෙන් පසුව නිල් ලප සහිත චීස් නිස්පාදනයට දොරටුව ඇරුන බවට ප්‍රබන්ධයකුත් තිබෙනවා. මාස පහක පමණ කාලයක් පරණ කරන මෙම චීස් ලුණු රසයෙන් සහ තෙතමන ගතියකින් යුක්තයි.
එන්.ඒ.පි.සි