කිරි කොස් මේ විදියට හදාගෙන උනු උනු පාන් එක්ක කලා බලන්න

March 31, 2017
25,770
Kiri Kos Maluwa (White Jack-fruit curry): Sri Lanka Recipes
කොස්
තුනපහ කුඩු තේ හැදි 2ක්
කහකුඩු තේ හැදි 1/4ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
අබ ඇට තේ හැදි 1/2ක්
උළුහාල් තේ හැදි 1/2ක්
කරපිංචා ඉත්තක්
සුදු ළූණූ බික් 4ක්
රම්පේ කොල කෑල්ලක්
අමුමිරිස් කරල් 2ක්
වියලි මිරිස් කරල් 3ක්
කුරුදු කෑල්ලක්
ලුණු පදමට
බැදපු තුනපහ තේ හැදි 1ක්
පොල් කිරි
වතුර
තෙල් මේස හැදි 2ක්

අප විසින් කොස් ප්‍රමණයක් සදහන් නොකලේ කොස් වගේ දෙයක් අපි ගන්නේ මැනලා නොවන නිසාත් එය ඔබට අවශය ලෙස එක්කර ගත හැකි නිසාත්ය. කොස් මදුලු 30කට පමන මෙය ප්‍රමාණවත්. කොස් දික් අතට කපාගන්න. කොස් ඇටත් 2කට විතර පලාගන්න. කොස්, තුනපහ, මිරිස් කුඩු, කහ, රම්පේ, කරපිංචා, කුරුදු, අමුමිරිස්, ලුණු සියල්ලම හොදින් කොස් සමග මැටි වලදක කවලම් කරගෙන, එයට කොස් වලින් භාගයක් වගේ වනතුරු වතුර එක්කරන්න. ඉන්පසුව ලිපේ තබා පිසගන්න.

වතුර හිදුනු පසුව මිටි කිරි එකතු කර හොදින් කවලම් කරගන්න. මිටි කිරි ඔබට අවශ්ය ලෙස යොදාගන්න. පසුව කිරි නටන විට ලිපෙන් ඉවත් කරන්න. මීලගට pan එකකට තෙල් එක්කර, එයට අබ ඇට දමා පුපුරන විට, 3ට 4ට කඩාගත් කරල් මිරිස්, සුදු ළූණූ එකතු කර මිරිස් හොදින් බැදුණු පසුව කොස් සමග කවලම් කර අවසානයේ බැදපු තුනපහ ස්වල්පයක් එක් කරන්න.

ඔබ කල්පනා කරනවද කොස් ඇට වලට මොකද වුනේ කියලා. කොස් ඇට ඔබට පුලුවන් වෙනම තම්බලා උනත් එකතු කරන්න. නැති නම් කොස් ලිපේ තියන්න කලින් එම භාජණයෙම කොස් එක් කිරීමට පෙර ඇට ටික මදක් තම්බාගෙන ඉන්පසුව කොස් එකතු කරන්න.

වතුර වෙනුවට දිය කිරි උනත් පාවිච්චි කරන්න පුලුවන්. අනික සුදු ළූණූ හොදින් සොදා පොතු පිටින්ම තලලා ගැනීමෙන්, ගම්මිරිස් කෑලි ස්වල්පයක්, උම්බලකඩ එක් කලොත් තවත් රසවත් කරගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 172 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:05:27 PM
Script:/article/172/kiri-kos-maluwa-white-jack-fruit-curry-sri-lanka-recipes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:05:27 PM
Script:/article/172/kiri-kos-maluwa-white-jack-fruit-curry-sri-lanka-recipes.html