ගෙදරදිම ඉඳි ආප්ප කොත්තු හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
ඉඳි ආප්ප 20
සිහින්ව කපා ගත් කැරට් අල 2
සිහින්ව කපා ගත් ලීක්ස්
සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩි 1
බීට්කර ගත් බිත්තර 3
සිහින්ව කපා ගත් ලොකු ළූණු ගෙඩි 1/2
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 3
සුදු ළූණු බික් 2
ඉඟුරු ස්වල්පයක්
කරපිංචා ස්වල්පයක්
රම්පෙ කෑල්ලක්
කරදමුංගු 1
කරාඹු නැටි 2
ලුණු පදමට
බටර් තේ හැඳි 2
හොදි කැමති පමණට (මස් හෝ කිරි හොදි)
සාදන ක්‍රමය :
01. පළමුව ඉඳි ආප්ප කැබලි වලට කඩා පැත්තකින් තබන්න.
02. පෑන් එක රත්කර එයට බටර් දමා මද ගින්දරේ තබා කපාගත් ළූණු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු, කරදමුංගු, කරාඹු නැටි, අමු මිරිස් එක්කර සාමාන්‍ය ගින්දරෙන් පිස ගන්න.
03. කැරට් සහ ලීක්ස් එක්කර ගින්දර අඩු කර විනාඩි 4ක් පිස ගත් පසු බිත්තර එක්කර මිශ්‍ර කරන්න.
04. එයටම ඉඳි ආප්ප සහ තක්කාලි එක්කර රස අනුව ලුණු එක් කරන්න. දැන් හොදි එක්කර ගන්න. හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.