මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

January 22, 2018
7,924
Protect your skin in dry cold season
තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම. සිතල නිසා සමේ තෙතමනය අඩුවීම හේතුවෙන් ඉතා ඉක්මනින් සම වියළිමට ලක් වෙනවා. මේ තත්ත්වයෙන් ඔයාගේ සමත් ආරක්ෂා කර ගන්න වගේම සමේ තෙත්තමනය රැක ගන්න උදවු කරන මේ ස්වාභාවික සත්කාර අමතක කරන්න එපා.

1. ග්ලිසරින්

හොඳින් පිරිසිදු කර ගත් මුහුණ මත පුළුන් කැබැල්ලකින් ග්ලිසරින් ආලේප කරන්න. ඇස් වටා සහ තොල් වටා අලේප නොකරන්නත් වග බලා ගන්න. ග්ලිසරින් මුහුණ මත එහෙමම වියලෙන්න දෙන්න. සෝදා ඉවත් කරන්න එපා. වියළි සම නිසා ඇති වන ගැටළු විසඳීමට ග්ලිසරින් හොඳ විසඳුමක්. ග්ලිසරින් මොයිස්චරයිසර් එකක් විදියට ක්‍රියා කරන නිසා සිතල නිසා වියළීමට ලක් වුනු සමේ තෙතමනය නැවත ලබා ගන්න මේක හොඳ ක්‍රමයක්.

2. ඔලිව් තෙල් සහ බිත්තර

බිත්තර කහ මදයකට ඔලිව් තෙල් බින්දු 4ක් 5ක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කර පිරිසිදු කර ගත මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තියෙනට හැර සෝදා ඉවත් කරන්න. ඔලිව් තෙල් වල ස්වාභාවික ඇන්ටිඔක්සිඩන්ට්, විටමින් E සහ K අඩංගුයි. බිත්තර කහ මදයේ විටමින් A සහ ලෙසිතින් අඩංගු වන අතර මේ සියල්ල සමට ඉතා ඉහල පෝෂණයක් ලබා දෙනවා. ශීත සමයේ සතියට දින 2ක් 3ක් මෙම සත්කාරය කිරීමෙන් සම වියලීමට ලක්වෙන්න නොදී රැක ගන්න පුළුවන්.

3. අලිගැට පේර සහ මී පැණි

අලිගැට පේර මේස හැඳි 3කට මී පැණි මේස හැඳි 2ක් එකතු කර මිශ්‍ර කර මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. අලිගැටපේර වල අඩංගු වෙන්නේ හිතකර මේදය. ඒ වගේම විටමින් E සහ C සහ කැරොටිනොයිඩ්ස් අඩංගු වෙනවා. මී පැණිවල ඇති සමට පෝෂණය ලබා දීමේ හා මොයිස්චරයිසර් ගුණය නිසා සමේ ගැටළු බොහොමයක් අවම කර ගන්න පුළුවන්.

4. පොල් තෙල්

පොල් තෙල් කියලා අහුවෙන හැම පොල් තෙල් එකක්ම මුණේ ගාන්න යන්න එපා. පිරිසිදු සුදු පොල් තෙල් තමයි මේකට සුදුසුම. වියලීමට ලක් වුනු ප්‍රදේශ වල ආලේප කර විනාඩි 10ක් පමණ සම්භාහනය කර සෝදා ඉවත් කරන්න. එහෙම නැත්තන් රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න. පොල් තෙල් සම්භාහනයෙන් සම මෘදු කර ගැනීමටත් සමට තෙතමනයත් ස්වාභාවිකවම ලබා දෙන්නටත් පුළුවන්.

5. සූරියකාන්ත තෙල්

සූරියකාන්ත තෙල් බින්දු කිහිපයක් අත්ලට ගෙන මුහුණේ ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්භාහනය කරමින් තෙල් ස්වභාවිකවම සම තුළට අවශෝෂණය වීමට ඉඩ දෙන්න. මුහුණේ වියලි බවට විතරක් නෙවෙයි මුළු ශරීරයේම වියලි බව නැති කර ගන්න සූරියකාන්ත තෙල් භාවිතා කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 634 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/634/protect-your-skin-in-dry-cold-season.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/634/protect-your-skin-in-dry-cold-season.html