කිසිම වෙලාවක මේ දේවල් නොකර ජිවිතේ ගැන තීන්දු තීරණ ගන්න එපා

January 24, 2018
4,784
Don't take decisions without thinking these things
වැදගත් දෙයක් ගැන තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න කියන්නේ ඇයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මොකද අපි ගන්න සමහර තීරණ නිසා සමහර විට අපේ ජිවිතයම කණපිට පෙරලෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුනාට පස්සේ ආයේ ඒවා හදන්න බැරි වෙන්න පුළුවන්. ගිය දේ ගියාවේ කියලා නිකන් ඉන්න තමයි එතකොට වෙන්නේ. ඔයාටත් ඔයාගේ ජිවිතේ ගැන විවිධ අවස්තාවලදී ගන්න වෙන තීරණ වලදී මේ දේවල් ගැනත් අනිවාර්යෙන් හිතන්න. විශේෂයෙන් ජිවිතයේ කඩයිම් අවස්ථා ගැන තීරණ ගනිද්දී එකපාරක් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතන්න. මොකද තීරණ ගන්නේ ඔයාගේ ජිවිතේ ගැනනේ.

1. වගකීම් සහගත වෙන්න

තීරණ ගන්නවා වගේම ඒ සම්බන්ධව වගකීම ගන්න එකත් ඔයාට කරන්න පුළුවන් වෙන්න ඕන. තනි තීරණ අරගෙන ඒවා වැරදුනාම වෙන අය පිට පටවන එක නම් එච්චර හොඳ ලක්ෂණයක් නෙවෙයි. තීරණ ගනිද්දී වගේම ඊට පස්සේ ඇති වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නත් වගකීම් භාර ගන්නත් ඔයා තුල ආත්ම ශක්තිය ඇති කර ගන්න.

2. තීරණ ගනිද්දී අනාගතය ගැන හොඳින් හිතන්න

ඔයාගේ අනාගතය අඳුරේ දාන්න හේතු වෙන තීරණ කිසිම වෙලාවක අරගන්න එපා. යමක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියනවනේ. එත් ඔයාගේ අනාගතය ගැන තීරණ ගනිද්දී දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතලා බැලුවත් ඒකෙ වැරද්දක් නැහැ. සරලවම කිව්වොත් ප්‍රේම සම්බන්ධයක් පටන් ගනිද්දී, එහෙමත් නැත්තන් විවාහය වගේ අතිශය වැදගත් කාරනාවකදී ඔයා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මෙතැනදී ඔයා ගත්ත තීරණය වැරදුනොත් ජිවිත කාලයම ඔයාට විඳවන්න වෙයි. මේක එක උදාහරණයක් විතරයි.

3. ගත්ත තීරණ වරින් වර වෙනස් කරන්න යන්න එපා

මේක අපේ ගොඩක් දෙනෙක් කරන දෙයක්. සාමාන්‍ය ජීවිතේදී අපි ගන්න යම් යම් තීරණ වැරදියි කියලා අපිට දැනුනොත් අපි ඒවා වෙනස් කරනවා. ඒත් ඒක හොඳ දෙයක් නෙවෙයි. හොඳට හිතල බලලා කෙලින් තීරණයක් ගන්නවා වගේම ඒ මතම ඉන්න එක ගොඩක් වැදගත්. මොකද එහෙම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න බැරි අවස්ථා සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ඔයාට මේ කිව්ව දේ ගොඩාක් වැදගත් වෙයි.

4. හැඟීම්බරව ඉන්න අවස්ථා වල තීරණ ගන්න එපා

මේ වගේ වෙලාවල් වලදී අපි ගන්න තීරණ ගොඩාක් වෙලාවට වරදින්න පුලුවන්. ඒ නිසා දුකෙන්, තරහින්, වේදනාවෙන් සහ සතුටින් හිත පිනා ගිහින් ඉන්න වෙලාවට බරපතල කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්න එක එච්චර ඇඟට ගුණ නැහැ.

5. තීරණ ගනිද්දී බුද්ධියට ඉඩ දෙන්න

කලින් කිව්ව දේ අනිත් පැත්ත තමයි මේ. මොන දේ සම්බන්ධයෙන් තීරණ ගත්තත් ඒ හැම වෙලාවකදීම බුද්ධියට ඉඩ දෙන්න. හදවතින් ගන්න තීරණ වලට වඩා බුද්ධියට මුල් තැන දීලා ගන්න තීරණ නිවැරදියි.

6. ගිය දේ ගියාම තමයි

කියපු දෙයක් ආයේ ගන්න බෑ වගේ තමයි අපි කරන දේවලුත්. වැරදි තීරණයක් ගත්තොත් ගොඩාක් වෙලාවට ඒවා ආයේ නිවැරදි කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුනොත් ජිවිත කාලෙම ඒ වැරැද්ද එක්ක දුක් විඳින්න වෙනවා. ඒ නිසා ජිවිතේ එක වරක් පමණක් ගන්න තීරණ වලදී අතිශය ප්‍රවේසම් විය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 638 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:51 PM
Script:/article/638/dont-take-decisions-without-thinking-these-things.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:51 PM
Script:/article/638/dont-take-decisions-without-thinking-these-things.html