පොල් තෙල් වලින් හිතන්න වත් බැරි මේ දේවල් කරන්න පුළුවන්

May 23, 2018
17,632
Beauty tips with coconut oil
පොල්තෙල් කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ එකම එක දෙයක්. ඒ ආහාර පිළියෙළ කර ගනිද්දී නැතුවම බැරි දෙයක් විදියට. ඒත් ඔයා කවදාවත් හිතන්න නැතිව ඇති පොල් තෙල් වලින් මේ වගේ ප්‍රයෝජනත් තියෙනවා කියලා. හැබැයි මේ දේවල් වලට වඩාත් සුදුසු වෙන්නේ සුදු පොල්තෙල්. ආහාර පිසිමට අමතරව සුදු පොල්තෙල් වලින් කරන්න පුලුවන් දේවල් ගොඩයි.

1. පොල් තෙල් කියන්නේ සමට හොඳ ස්වභාවික මොයිස්චර්රයිසරයක්. සමේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න පුළුවන් හොඳ සත්කාරයක්. සුදු පොල්තෙල් ස්වල්පයක් ගෙන මුහුණේ ආලේප කර සෙමින් කවාකාරව සම්බාහනය කිරීම වියලි සමක් සහිත අයට ඉතා හිතකරයි. ඒ වගේම පොල්තෙල් ඉතා ඉක්මනින් සමට උරා ගන්නා නිසා ඉක්මන් ප්‍රති ප්‍රතිකාර ලබා දෙනවා.

2. දැන් මේක් අප් ඉවත් කරන්න ලොකු ලොකු ගණන් දීලා විවිධ දේ පාවිච්චි කරන්න ඕන නැහැ. මොකද පොල් තෙල් කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. ඇඟිලි තුඩුවලින් තරමක පොල් තෙල් ප්‍රමාණයක් ගෙන මඳ වේලාවක් මුහුණේ ආලේප කර පිරිසිදු රෙදි කඩකින් හෝ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඉතා පහසුවෙන් කුණු දුවිලි, මේකප් ද්‍රව්‍ය ඉවත් කර ගන්න පුළුවන්.

3. බේකින් සෝඩා සමඟ පොල් තෙල් සමාන ප්‍රමාන වලින් මිශ්‍ර කර ඔයාට දැන් ගෙදරදීම දන්තාලේප සකස් කරගන්නත් පුළුවන්. ඒ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල්ද එකතු කිරීමෙන් ඉතා හොඳ තත්ත්වයේ දන්තාලේපයක් පහසුවෙන්ම සකස් කර ගන්න පුළුවන්. එමගින් වැඩි දීප්තියක් දත් දෙපළට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දත්වල මැළියම් බැඳීමේ ප්‍රවණතාවයත් අඩු කර ගන්නත් හැකියාව තියෙනවා.

4. නියපොතු වල නිරෝගී භාවයටත් පොල් තෙල් ඉතාමත් හිතකරයි. විශේෂයෙන් වියළී නියපොතු වලට පොල් තෙල් හොඳ සත්කාරයක්. නියපොතු පොල් තෙල් ආලේප කර හොඳින් සම්භාහනය කිරීමෙන් ඒවා මත රැඳුණු මැරුණු සෛල හා නියමල ඉවත් කර ගන්නත්, ඔබේ නියෙහි වර්ධනයටත් උදවු කර ගන්නත් පුළුවන්.

5. තොල් වියලීම කියන්නේ අපි නිතර නිතර මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයක්. අපි lip balm එකක් පාවිච්චි කරන්නේ එකනේ. පොල් තෙල් කියන්නේ හොඳ lip balm එකක්‌ නිසා අමුතුවෙන් lip balm මිලදී ගන්න අවශ්‍ය නැහැ. රාත්‍රී නින්දට පෙර වියලි තොල් මත පිරිසිදු සුදු පොල් තෙල් ආලේප කර සම්භාහනය කරන්න. පොල් තෙල් වලට මී පැණි ස්වල්පයක් එකතු කිරීමෙන් තවත් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

6. පොල් තෙල් කියන්නේ මවුත් වොෂ් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන් අමු ද්‍රව්‍යක්. පොල් තෙල්, බේකින් සෝඩා සහ පෙපරමින්ට් තෙල් සමාන ප්‍රමාන වලින් අරගෙන හොඳින් මිශ්‍ර කරලා මුව සේදීමෙන් මුව නැවුම්ව තබා ගන්නත්, විදුරුමස් රෝග අවම කරගන්නත්, විවිධ බැක්ටීරියා ආසාදන අවම කර ගන්නත් හැකියාව තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 830 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:02:31 AM
Script:/article/830/beauty-tips-with-coconut-oil.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:02:31 AM
Script:/article/830/beauty-tips-with-coconut-oil.html