ඩේට් ඇන්ඩ් නට් පායි හැදීමට අවශ්‍ය දේ :
රටඉඳි පිරවුමට අවශ්‍ය දේ :
රටඉඳි (ඇට ඉවත්කරගත්) අඬු කෝප්ප 1 1/2
නැවුම් කිරි අඬු කෝප්ප 2
ලුණු ස්වල්පයක්
වැනිලා තේ හැඳි 1
කෝන් පිටි තේ හැඳි 1 1/2
ටාර්ට් එක සැදීමට අවශ්‍ය දේ :
පිටි ග්‍රෑම් 200
බටර් ග්‍රෑම් 150
අයිසින් සීනි ග්‍රෑම් 75
ටාර්ට් එක හදමු -
01. පිටි, බටර්, අයිසින් සීනි එකට එක්කර අතේ නොඇලෙන පදමට හොඳින් අනා මෝලියක් සාදා ගන්න.
02. ඉන්පසු එය ශීතකරණයේ විනාඩි 30 ක් පමණ තබා නැවතත් අනාගන්න. මේසයට පිටි ගසා තුනී කර ගෙන ටාර්ට් ෂෙල් උඩින් දමාගන්න.
රටඉඳි පිරවුම හදමු -
01. රටඉඳි අඬු කෝප්ප 1/2 ක්ගෙන කුඩා කැබලිවලට කපාගෙන ටාර්ට් ෂෙල් එකට උඩට දමන්න.
02. පසුව රටඉඳි ඉතිරි අඬු කෝප්ප 1, කිරි, ලුණු, වැනිලා හා කෝන් පිටි ක්‍රීම් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න.
03. පසුව ටාර්ට් ෂෙල් එකට දමා විනාඩි 40 - 45 ක් පමණ සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වයේ බේක් කරගන්න.