වෙජිටබල් චොප්සි - Recipe

October 17, 2018
10,718
Vegetable Chop Suey Recipe
අවශ්‍ය වන්නේ :

අල - 100g
ගෝවා -100g
කැරට්-100g
බෝංචි -100g
කංකුන් දළු -50g
බට්න් මෂ්රූම් ටින් - 1/2
බෙබි කෝන් ටින් -1/2
පොඩි කරගත් සුදුළුණු තේ හැඳි -1
පොඩි කරගත් ඉඟුරු තේ හැඳි -1
කෝන් පිටි තේ හැඳි -1
ඔයිස්ටර් සෝස් මේස හැඳි -3
එළවළු තම්බපු වතුර කොප්ප -1/2 (වෙජිටබල් ස්ටොක්)
සෝයා සෝස් මේස හැඳි -1
ගම්මිරිස් කුඩු තේ හැඳි -1
ලුණු පදමට
සීනි තේ හැඳි -1
තෙල් මේස හැඳි -3

සාදන ක්‍රමය :

01. සියලුම එළවළු වර්ග තරමක් ලොකුවට හීනියට කපා ගන්න.

02. කපාගත් එළවළු වර්ග 3/4 ක් දක්වා තම්බා ගන්න.(වෙන වෙනම තම්බා ගන්න)

03. භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත් වන විට ඉඟුරු, සුදුළුණු දමා තෙම්පරදු කර ගන්න.

04. එයටම තම්බා ගත් එළවළු වර්ග (කංකුන් හැර), සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, එළවළු තම්බපු වතුර, ගම්මිරිස්, සීනි, ලුණු දමා කලවම් කර ගන්න.

05.වතුර මේස හැඳි 4 ක් සමග කෝන් පිටි තේ හැන්දක් දිය කර සාදා ගත් එළවළු මිශණයට එක්කර ගන්න.

06. ගින්දර වැඩි කර කංකුන් එක්කර හොඳින් කලවම් කර නටන විට ලිපෙන් ඉවත් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,347
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   42,067
   29

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
How to reduce under arm sweating
   6,753
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Dress patterns for flower prints
   61,668
   25

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Symptoms to say you are pregnant
   43,699
   24

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක

Latest Articles

Most Viwed