අවශ්‍ය ද්‍රව්‍ය :
කජු-250g
ග්‍රීන් පිස් -50g (අවශ්‍ය නම් )
උම්බලකඩ මේස හැඳි-1
පොල් කිරි කෝප්ප-1
රතුළූණු
සුදුළූණු
රම්පේ
කරපිංචා
කුරුඳු
අමු මිරිස් කරල් -2
ගම්මිරිස් තේ හැඳි -1
කහ තේ හැඳි -1/2
ලුණු තේ හැඳි -1
තෙල් ස්වල්පයක්
තුනපහ කුඩු තේ හැඳි -1
තැලූ අමු ඉගුරු
අබ ස්වල්පයක්
සාදන ක්‍රමය :
01.කජු මද සෝදාගෙන අවශ්‍ය නම් එයට ග්‍රීන් පිස් ද එක කරන්න.
02.ඊට රතුළූණු, උමබලකඩ, කුරුඳු, අමු මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ ලුණු මිශ්‍රකර ගන්න.
03.තාච්චියට තෙල් දමා රත් වන විට රම්පේ, කරපිංචා, ලුණු ස්වල්පයක්, සුදුළූණු ,අමු ඉගුරු සහ අබ ස්වල්පයක් ද දමන්න.
04.සුවඳ වී ගෙන එන විට කජු මිශ්‍රණය දමා හැන්දෙන් පෙරලමින් මිශ්‍ර කරගන්න.
05.ඉන්පසු පොල් කිරිද එක්කර කවලම් කර පිසගන්න.