සිංගපූරු නූඩ්ල්ස්

January 16, 2020
3,738
Singapore Noodles
ඉක්මනින් වගේම ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක් තමයි නූඩ්ල්ස් කියන්නේ. මේ රයිස් නූඩ්ල්ස් එක රසවත්. ඒ වගේම ඔයාට කැමති එළවලු මස් මාළු ඉස්සො එහෙම දාලා කැමති අකාරයට හදාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

සිහින් සහල් (රයිස්) නූඩ්ල්ස් 450g
යන්තමින් ගසා ගත් බිත්තර 2
පොඩියට කපාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1
පොඩියට කපා ගත් ලූණු ගෙඩි 1
සිගින්ව චොප් කරගත් සුදු ලූණු බික් 2
ග්‍රේට් කරගත් කැරට් ලොකු ගෙඩි 1
ශීත කල ග්‍රීන් පීස් කෝප්ප 3/4
ස්ටොක් කැට 1 (කැමැත්ත අනුව එළවළු හෝ මස් ස්ටොක් කැටයක් භාවිත කරන්න පුලුවන්)
වතුර කෝප්ප 3/4
මුංඇට පැල 200g (කැමැත්ත අනුව)
සෝයා සෝස් මේස හැඳි 1
තුනපහ කුඩු මේස හැඳි 1
පිසීමට තෙල්
රස පදමට ලුණු සහ ගම්මිරිස්

සාදන ආකාරය :

1. පෑන් එකක වතුර උතුරවා ගන්න. එයට නූඩ්ල්ස් ටික එකතු කරන්න. නැවත උතුරන විට ඉක්මනින් ලිපෙන් ඉවතට ගෙන පෙරාගන්න.

2. ගසා ගත් බිත්තර එකට රස අනුව ලුණු සහ ගම්මිරිස් ටිකක් එකතු කරන්න. තාච්ච්ය හෝ පෑන් එක රත් වෙන්න තබා තෙල් එකතු කරගන්න. එයට බිත්තර ටික එකතු කර පිසගන්න. බිත්තර ටික පෑන් එකෙන් අයින් කර වෙනම පසෙකින් තියන්න.

03. නැවතත් තෙල් රත් කර එයට චිකන් සහ ලුණු ස්වල්පයක් එකතු කර පිසගන්න. එයත් පසෙකින් තියන්න.

04. ඒ ඉතිරි වෙන තෙල් එකටම ලූණු සහ සුදු ලූණු එකතු කර මෙලෙක් වන තෙක් පිසගන්න.

05. මෙයට එළවළු, තුනපහ කුඩු සහ වතුර කෝප්ප 3/4හි දියකරගත් ස්ටොක් එකතු කරගන්න. මිශ්‍ර කරන්න.

06. මුං ඇට පැල ටිකත් එකතු කරන්න. හොඳින් කලවම් කරගන්න.

07. නූඩ්ල්ස් ටික යන්තම් ටැප් එකට අල්ලා සෝදා ගෙන එළවළු එකට එකතු කරන්න. ඒ සමගම බිත්තර, චිකන් සහ සෝයා සෝස් ද එකතු කරන්න.

08. ලිප නිවා හොඳින් කලවම් කර පිලිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1509 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:18 PM
Script:/article/1509/singapore-noodles.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:18 PM
Script:/article/1509/singapore-noodles.html