රසවත් රාබු වට්ටොරු

May 15, 2020
3,054
Tasty radish recipes
රාබු ඉහල තන්තු මට්ටමක් ඇති, විටමින් සී, කැල්සියම් වැනි සංඝටක බොහොමයක් අඩංගු එළවලුවක්. ඉතින් මලබද්දය, කැස්ස පෙම්ප්‍රතිශ්‍යාව, රුධිර පීඩනය වැනි රෝග වලට සහනය දෙන රාබු ඔබේ ප්‍රතිශ්ක්තීකරන පද්ධතිය ශක්තිමත් කරන ගුණදායී එළවළුවක්.

අපි බොහෝ දෙනෙක් රාබු වලට එතරම් කැමැත්තක් නැහැ. ඒ වුනත් රාබු වලින් විවිධ ආහාර හදා ගන්න පුලුවනි. ඉතින් මේ ක්‍රම වලට රාබු හදලා රස බලමු.

රාබු අච්චාරු

රාබු අච්චාරුවක් හදා ගන්නේ මෙහෙමයි.

උවමනා දේ :

රාබු ග්‍රෑම් 100 ක්
අමුමිරිස් කරල් 4 ක්
රතුළූණු ගෙඩි 10 ක්
විනාකිරි තේ හැඳි දෙකක් පමණ
සීනි තේ හැන්දක්
අබ, කහ, ලුණු ස්වල්පයක්

සාදන අන්දම :

01. මුලින්ම රාබු සිහින්ව ලියා ලුණු වතුරෙන් මිරිකා ගන්න.

02. එයටම රතුළූණු, අමුමිරිස් සිහින්ව ලියා එකතු කරන්න. අබ සහ කහ එකට අඹරාගෙන මෙයට මිශ්‍ර කර පැය කීපයක් වසා තබා අවශ්‍ය විටෙක ආහාරයට ගන්න.

රාබු අල මැල්ලුම

අවශ්‍ය දේ :

රාබු අල ග්‍රෑම් 200 ක් (ලපටි කොළ සමග)
රම්පෙ, කරපිංචා, උලුහාල්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි 4 ක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුණු
කහ
මිරිස් තේ හැන්දක්
තුනපහ තේ හැඳි බාගයක්
ගම්මිරිස් තේ හැඳි බාගයක්
සූදුරු තේ හැඳි කාලක්
සුදුළූණු බික් පහක්
පොල්තෙල් ස්වල්පයක්

සාදන අන්දම :

01. රාබු සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුනපහ, ලුණු, රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු, කුරුඳු ආදිය එක් කරන්න.

02. දැන් මෙයට ලුනු සහ කහ යොදා ලිප තබන්න.

03. සූදුරු, ගම්මිරිස්, සුදුළූණු එකට අඹරා එයටම පොල් ස්වල්පයක්ද එක් කර අඹරා ගන්න.

04. රාබු තැම්බුන විට අඹරා ගත් පොල් ස්වල්පය තබා මලවා ගන්න. අවශ්‍ය නම් මැල්ලුමට තෙල් ස්වල්පයක් එක කරල තෙම්පරාදු කර ගැනීමෙන් රසය තවත් වැඩි කර ගැනීමට පුලුවනි. තෙල් නැති වුනත් කිසිම වෙනසක් නැහැ.

රාබු තෙම්පරාදුව

අවශ්‍ය දේ :

රාබු අල ග්‍රෑම් 200 ක් (ලපටි කොළ සමග)
රම්පෙ, කරපිංචා, උලුහාල්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි 4 ක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුණු
කහ
මිරිස් තේ හැන්දක්
තුනපහ තේ හැඳි බාගයක්
පොල්තෙල් ස්වල්පයක්

සාදන අන්දම :

01. රාබු සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුනපහ, ලුණු රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු ආදිය එක් කරන්න.

02. තෙල් ටිකක් ලිප තබා වතුරත් සමග රාබු තෙලට දමා වතුර සි‍‍ඳෙන තුරු හෝ හොඳින් තැම්බෙන තුරු පිස ගන්න.

රාබු කිරට

අවශ්‍ය දේ :

රාබු අල ග්‍රෑම් 200 ක් (ලපටි කොළ සමග)
රම්පෙ, කරපිංචා, උලුහාල්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි 4 ක්
කුරුඳුපොතු කැබැල්ලක්
ලුණු
කහ
මිරිස් තේ හැන්දක්
තුනපහ තේ හැඳි බාගයක්
පොල්කිරි - දියකිරි කෝප්ප කාලක් සහ මිටිකිරි ස්වල්පයක්

සාදන අන්දම :

01. රාබු අල හීනිවට ලියා ගන්න. ලපටි කොළත් මේ ලියා ගත් අල අතරට එක් කරන්නත් පුලුවනි.

02. දියකිරි එක් කරල ඊට ම මිරිස්, තුනපහ, ලුණු, ම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු ආදිය එක් කරන්න.

03. දැන් මෙය තැම්බී එන විට මිටිකිරි එක් කරන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1594 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:22 PM
Script:/article/1594/tasty-radish-recipes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:23 PM
Script:/article/1594/tasty-radish-recipes.html