ෆ්‍රයිඩ් චිකන් වින්ග්ස් ඉක්මනින් හදන්න පුලුවන් විදිහක්

November 12, 2018
4,517
Fried chicken wings recipe
ඉක්මනින් ලේසියෙන් චිකන් වින්ග්ස් මේ විදිහට හදල බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

චිකන් වින්ග්ස් 8
ගැඹුරු තෙලේ බැදීමට තෙල්

පදම් කරන පිටි මිශ්‍රනයට සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි කෝප්ප 1
ලුණු තේ හැඳි 1 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සුදු ලූණු තේ හැඳි 1/4
කුරුඳු / එනසාල් / සූදුරු කුඩු සියල්ලෙන්ම ටික ටික තේ හැඳි 1/4

සාදන ක්‍රමය :

01. ගැඹුරු තාච්චියකට චිකන් ටික බැදීමට තරම් තෙල් දමා තරමක් තද රස්නයේ රත් වෙන්න දෙන්න.

02. පිටි සහ පදම් කිරීමට ගත් සියල්ල එකට මිශ්‍ර කර පසෙකින් තබන්න.

03. කුකුල් මස් පදම් කල පිටි වල තවරා, කිරි වල ගිල්වන්න. ආපසු පිටි වල තවරන්න. ඔක්කොම චිකන් ටික මෙසේ තවරා පසෙකින් තබන්න.

04. තෙල් රත් වී ඇත් නම් එකින් එක හෙමින් තෙලට දමා විනාඩි 9ක් පමණ බැදගන්න. එහා පැත්ත පෙරලා ආපසු විනාඩි 5ක් පමණ බදින්න.

05. පිහියෙන් මදක් ඇන වින්ග්ස් ටික හොඳින් පිසී ඇත් දැයි බලන්න. පිසී නොමැති නම් තව විනාඩි 3ක් පමණ පිස ගන්න.

06. තෙල් පෙරෙන්නට හැර උණුවෙන් පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1162 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:25:10 PM
Script:/article/1162/fried-chicken-wings-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:25:10 PM
Script:/article/1162/fried-chicken-wings-recipe.html