නුඩ්ල්ස් 250g
කැරට් 100g
ගෝවා 100g
මාලු මිරිස් කරල් 3ක්
තෙල් මේස හැදි 2ක්
තලාගත් සුදු ළූණූ තේ හැදි 1ක්
තලාගත් ඉගුරු තේ හැදි 1ක්
වියලි කරල් මිරිස් 2ක්
chili garlic paste මේස හැදි 2ක්
ලුණු පදමට
සෝයා සෝස් මේස හැදි 1ක්
සීනි තේ හැදි 1ක්
ළූණූ කොල අහුරක්
වතුර
ඉස්සෙල්ලාම අපි chili garlic paste එක හදාගමු. ඒ සදහා වතුර කෝප්ප 2ක් පමණ රත් කරන්න. පසුව රත් වු පසු ලිපෙන් ඉවත් කර එම වතුරට වියලි මිරිස් කරල් 20ක් දමා විනාඩි 20ක් පමන තබන්න. ඉන් පසුව පොගවාගත් මිරිස්,සුදු ළූණූ බික් 10ක්, ලුණු තේ හැදි 1ක් blender එකක් ආධාරයෙන් අඹරා ගන්න.
නූඩ්ල්ස් තම්බාගන්න. ඒ සදහා වතුර රත් කරන විට එයට ලුණු හා තෙල් ස්වල්පයක් එකතු කරන්න. තම්බාගත් පසු එයට ඇල් වතුර දමා සොදාගෙන එය නිවෙන්නට හැර, fry pan එකක් ලිප තබා තෙල් දමා රත්වන විට ඉගුරු, සුදු ළූණූ, කුඩාවට කඩා ගත් වියලි කරල් මිරිස් 2ක් එකතු කර මද වෙලාවකින් එලවළු එක් කරගන්න. විනාඩි 2ක් පමන තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස්, සීනී, chili garlic paste දමා හොදින් කවලම් කරන්න. විනාඩි 2කකින් පමණ තම්බාගත් නූඩ්ල්ස් එකතු කර හොදින් කවලම් කරන්න. ලුණු දැමීමේදි කල්පනාකාරි වන්න, මොකද ඔබ කලින් ලුණු දමා ඇති නිසා හා සෝයා සෝස් වල ලුණු රස තිබෙන නිසාත්. අවසානයේ ළූණූ කොල අහුරක් ඉසින්න.