ගුණදායක සහ පහසුවෙන් හදන්න පුළුවන් මේ ගෝවාමල් රෙසිපි එක රාත්‍රී ආහාර වේලකට කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
කෝප්ප 5-6ක් පමණ ගෝවාමල්
එළවලු හෝ පොල්තෙල් මේස හැඳි 3
කෝන් පිටි කෝප්ප 1/3
පිළිගැන්වීමට බත්
සැරසීමට සිහින්ව කපා ගත් ලූණු කොල
සෝස් එක සෑදීමට :
සීනි කෝප්ප 3/4
ඇපල් සයිඩර් වෙනිගර් කෝප්ප 1/2
සෝයා සෝස් මේස හැඳි 2
සිහින්ව අඹරාගත් සුදුලූණු තේ හැඳි 1
සිහින්ව කපාගත් ලූණු තේ හැඳි 1/2
තක්කාලි සෝස් කෝප්ප 1/4
ලුණු තේ හැඳි 1/2
කෝන් පිටි තේ හැඳි 1 + සිසිල් වතුර මේස හැඳි 2
සාදන ආකාරය :
01. ගෝවා මල් ටිකට තෙල් එකතු කර හොඳින් තෙල් ටික තැවරෙන්න හරින්න. එයට දැන් එයටම කෝන් පිටි ටිකත් එකතු කර හොඳින් ගෝවාමල් වල තවරන්න.
02. ගෝවා මල් ටික රන් වන් පැහැවන තුරු, 220C / 425 F / ගෑස් මාක් 7 උෂ්ණත්වයේ විනාඩි 5-6ක් බේක් කර හෝ මද ගින්දරේ ගැඹුරු තෙලේ බැද ගන්න. පසෙකින් තබන්න.
03. සෝස් එක හදමු. සීනි, විනාකිරි, සෝයා සෝස්, සුදු ලූණු, ලූණු, තක්කාලි සෝස් සහ ලුණු නොන්ස්ටික් පෑන් එකකට දමා ඇඳි ගාමින් උතුරවා ගන්න. කෝප්පයකට කෝන් පිටි ටික සිසිල් වතුරේ මිශ්‍ර කර එයත් පෑන් එකට එකතු කර සියල්ල අඩු ගින්දරේ පිස ගන්න.
04. ගෝවා මල් ටික රස්නය දැරිය හැකි බෝල් එකකට දමා එයට සෝස් ටික එකතු කර කලවම් කරන්න.
05. ලූණු කොල වලින් සරසා බත් සමග පිළිගන්වන්න.