ජින්ජර් කුකීස්

May 21, 2019
784
Ginger Cookies Recipe
ජින්ජර් කිව්ව ගමන්, තියෙන ලෙඩ වගේම මානසික අතතියද නැති වෙලා යනවා. අද හැඩකාරී අපි ඔයාට ජින්ජර් කුකීස් හදන විදිහ කියන්නයි යන්නේ

අවශ්‍ය ද්‍රව්‍ය :

පිටි 550g 
බටර් 230g 
දුඹුරු පාට සිනි 700g 
බිත්තර 3
ජින්ජර් පවුඩර් 14g 
සිනමන් පවුඩර් 30g 
බේකින් පවුඩර් තේ හැඳි 1/2
බේකින් සෝඩා තේ හැඳි 1/2 
දෙහි යුෂ තේ හැඳි 1/2
 
සාදන ක්‍රමය :

01. පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, ජින්ජර් පවුඩර් සහ සිනමන් පවුඩර් හොඳින් මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.
02. සිනි සහ බටර් බිට් කර එයට බිත්තරය බැගින් එකතු කරමින් බීට් කරගන්න.
03. පසුව එයට පිටි මිශ්‍රණය එකතු කර හැන්දකින් පෙරලමින් කලවම් කර ගන්න. 
04. අවසානයට ලයිම් යුෂ ටික එකතු කර කලවම් කරන්න.
05. දැන් මිශ්‍රණය රවුමට හෝ කොටුවට කපා බේකින් තැටියට තෙල් කොලයක අතුරා එය මත කපා ගත් කුකීස් ටික අතුරන්න.
06. සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 10-12ක් බේක් කර ගන්න.
06. උදුනෙන් ඉවතට ගෙන කුකීස් ටික නිවෙන තෙක් බේකින් තැටියෙන් ඉවතට නොගෙන තබන්න. නිවුනු පසු රස විඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to keep your child in side family
   873
   359

දරුවා පවුල තුළම තියා ගන්න පොඩි ටිප්ස් 05ක්

අද ගොඩක් නිවෙස් වල දකින්නට ලැබෙන දෙයක් තමයි දෙමව්පියෝ දෙන්නා සහයෝගයෙන් ඉද්දි දරුවෝ තම තමන්ගේ කාමර ඇතුලේ තනියෙන් හෝ පරිඝනකය එක්ක ජීවත් වෙන එක
Having sex is good for your health
   691
   337

ලිංගික එක්වීම සෞඛ්‍යට ගුණයි

ලිංගික ජීවිතයේ තිබෙන යහපත් ප්‍රතිඵල ගැන අපි දැනගෙන ඉන්න එක අපේ සෞඛ්‍යයට මොන මොන පැති වලින් හිතකරද කියලා මේ ලිපියෙන් කියවලාම බලන්න
Long Bean Pickle
   414
   193

මෑ කරල් අච්චාරුව

අච්චාරු ටිකක් දවල් බත් එකට තිබ්බා නම් කෑම එකට පොඩි ගැම්මක් එනවා. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් අච්චාරුව ඔයාට කෑම වල රුචිය වැඩිකරාවි.
Ayurvedic treatments  for a glowing skin
   1,842
   156

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Why do we take mebendazole?
   126
   103

පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි?

බෙහෙත් ලබා නොගැනීම නිසා, මේ පණුවන් ශරීරය තුල දහස් ගණනින් බෝ වීමෙන් පණු රෝගය උත්සන්න වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට පණු රෝගය ගැන සහ පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි යන්න මේ ලිපියෙන් කියලා දෙනවා

Latest Articles

Most Viwed


x