චීස් නාන් රොටි

December 10, 2019
880
Cheese Naan Roti
රොටී කිව්වම ඉතින් පිටියි පොලුයි දාලා හැමදාම හදන රොටියට වඩා වෙනස් රොටී වර්ග ගොඩාක් තියෙනවා. රසයිනුත් වැඩි පෝෂණ ගුණයත් එකතු කරලා එක එක රසට රොටි හදමු. මෙන්න චීස් නාන් රොටී හදන ක්‍රමය…

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 500g
යිස්ට් තේ හැඳි 1
රස අනුව ලුණු
සිනි මේස හැඳි 1 1/2
මුදවපු කිරි මේස හැඳි 4
මද රස්නේ වතුර අවශ්‍ය පමණ
මොසරැල්ලා හෝ චෙඩර් චීස් (ශ්‍රෙඩ් කරගත්)
පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල

සාදන ක්‍රමය :

01. මුලින් පාන් පිටි එකට චීස් සහ කොත්තමල්ලි කොල හැරෙන්න අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

02. පසුව වතුර ටික ටික දමමින් පිටි මිශ්‍රනය අතේ ඇලවෙන පදමට අනා ගුලියක් සේ සාදාගන්න.

03. පසු එය තෙත රෙද්දකින් වසා පැය 3ක් පිපෙන්න තබන්න.

04. දැන් අතේ පිටි ගා ගෙන අවශ්‍ය තරමට බෝල සාදා විනාඩි 15 පමණ පැත්තකින් තියා ගන්න.

05. පසුව පිටි ඉස ගත් ලැල්ලක මත පිටි ගුලියක් තියා අතින් පොඩ්ඩක් තුනි කර ගන්න.

06. පසුව මැදට කැමති චිස් වර්ගයක් තියා ගුලියක් වන සේ හොඳින් වසා ගන්න.

07. දැන් එම පිටි ගුලිය පිටි ඉස ගත් ලැල්ලක තුනි කර ගන්න.

08. පසු තුනි කර ගත් නාන් එක මත හිනියට කපා ගත් කොත්තමල්ලි කොල ටිකක් දමා නැවත නාන් රොටිය තුනි කර ගන්න.

09. පසු සාමාන්‍ය විදියට ගින්දර දැමු තැටියක තුනි කර ගත් නාන් එක දමා දෙපැත්තම හොදින් පුලුස්සා ගන්න .

10. පුලුස්සාගත් රොටියේ දෙපැත්තේම හොදින් බටර් හෝ ගී ගා ගෙන එයටකැමති නම් චීස් ක්‍රිම් ටිකක් උඩින් ගා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What you can do if your skin is always oily
   348
   90

ඔබේ සමේ තෙල් පාට දවස පුරා වැඩියෙන් පේනවා නම් මෙන්න විසඳුම

අනවශ්‍ය තෙල් පාටක් මූණට ඇවිල්ලා තිබීමත ඔබට ගැටලුකාරී තත්වයක්. ඔබට දවස පුරා පැහැපත් මුහුණක් අවශ්‍යයි නේද? එය කළ හැක්කේ කෙසේද?  ඒ සඳහා අපි ඔබට උපක්‍රම 6 ක් කියලා දෙන්නම්
How to Lose Weight Naturally
   73,109
   38

මාසෙකින් කිලෝ විස්සක් විතර අඩු කර ගන්න කැමතිද?

ජිම් එකේම පදිංචි වෙලා ඉන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ආස කෑමක් නොකා ජිම් යනවා කියන්නේ මහා හිසරදයක්ම තමයි
Indoor plants that cleans air inside your house
   33,982
   31

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Must have frocks for woman (Part 01)
   15,377
   29

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Must have frocks for woman (part 02)
   9,296
   29

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed

 |

x