නිතරම දරුවන්ට පහර දීමෙන් දරුවාට ඇති වෙන අයහපත් ප්‍රතිඵල

June 3, 2019
14,017
Negative vibes that transform when you hit your kids
අම්මෙකුට තාත්තෙකුට දරුවෝ තරම් සම්පතක් තවත් තියෙන්න විදියක් නැහැනේ. දෙමව්පියන් දරුවෝ වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරනවා. දරු පැටවාගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය ගැනත් අම්මා කෙනෙක් විදිහට හිතන්න අවශ්‍යයි. සමහර අවස්ථා වලදී මවුවරුන් දරුවාගේ අතින් සිදු වන පොඩි පොඩි දේටත් ඉකමනින් කේන්ති අරන් දරුවාට බැන වදිනවා. දරුවන්ගේ වැරදි නිවැරදි කරන්නට සිතා පහර දීම් වැනි දඬුවම් දීම සිදු කරනවා. මෙයින් ඇත්තටම කිසිදෙයක බරක් පතලක් නොදන්නා දරු පැටියා වැඩිහිටියන්ට වෛර කරන්න පටන් ගන්නවා. දරුවාගේ කය සහ මනස සැහැල්ලුවෙන් තබා ගන්න දෙමව්පියන්ගේ උපකාරය අවශ්‍යයි. අද හැඩකාරී මේ සටහන නිතරම දරුවන්ට පහර දීමෙන් දරුවාට ඇති වෙන අයහපත් ප්‍රතිඵල ගැනයි. 

බරක් පතලක් නොතේරෙන කුඩා මනසකට වැඩිහිටියන් විසින් ලබා දෙන ආදර්ශයන් දරුවාගේ මනස තුලට කාවදිනවා. දරුවා වැරදි කරන විට පහර දෙනවා නම්, එමගින් දරුවාට ලැබෙන ආදර්ශය තමා අතින් වැරදි සිදු වූ විට දඬුවම් ලැබිය යුතු බවයි. ඉතින් ඔවුන්ගේ මනසේ ඇඳෙන්නේ පොඩ්ඩා තමාට වඩා බාල හෝ වැඩිහිටි ඕනෑම කෙනෙක් යම් වරදක් කරන බව දැනුනොත් ඔවුන් ඒ කෙනාට පහර දෙන්නට පෙළඹෙනවා. ඔවුන් තුලින් නපුරු ස්වරුපයක් ඉක්මනින් කේන්ති යාමක් කේන්තිය පාලනය කර ගන්නට බැරි බවක් තමයි ප්‍රථිඵලය ලෙස එලියට එන්නේ.

උදාහරණයක් ලෙස, පාසලේදී මිතුරන්ට පහර දීම වැනි දේවල් නිතර අපිට අහන්න ලැබෙන, දෙමාපියන් නිරන්තරයෙන් නොසලකා හරින කාරණාවක්. එසේ දරුවෙක් හැසිරෙනවා නම් අනිවාර්යයෙන් ඔහු හෝ ඇය යම්කිසි මානසික පීඩනයකින් පෙලෙන බව දෙමාපියන් හිතට ගත යුතුයි. එය පොඩි හෝ බරපතල මානසික හේතුවක් විය හැකියි. කාරනය ලොකු හෝ පොඩි, දෙමාපියන් දරුවා මෙසේ වීමට හේතුව සොයා බැලිය යුතුමයි. බොහෝ වෙලාවට දරුවන්ගේ මේ හැසෙරීම් පෙවන්නේ නිවසේ ඔවුන්ට ඇති පසුබිම මතයි.

වර්තමානයේ දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ වරදකට සමාව දීලා, නිවැරැද්ද ඉවසීමෙන් කියලා දෙනවාට වඩා, පහරක් දුන් ගමන් දරුවා තමාට කීකරු වෙනවා කියලයි. දරුවාව තමාට කීකරු කර ගන්න පහර දීම හොඳ ක්‍රමයක් කියලා හිතන දෙමව්පියෝ ඇත්තටම වැරදියි. දරුවා දෙමව්පියන්ට ඉක්මනින්ම කීකරු වෙන්නේ බය නිසයි. ඒ දරුවන් දෙමව්පියන් නැති තැන හැමෝම එක්ක ගහගෙන රණ්ඩු කරනවා. දරුවා ටික ටික වයසින් වැඩෙද්දී දෙමව්පියන්ට අගෞරව කරන්නත්, අකීකරු වෙන්නත් පෙළඹෙනවා. පහර දෙන දෙමව්පියන් හා දරුවාඅතර මනා සම්බන්දතාවයක් ඇති වෙන්නේ නැහැ.

දරුවා වයසින් වැඩෙද්දී දරුවාගේ සිතින් දෙමව්පියන් තමාට පහර දුන් මතකය මැකී යන්නේ නැහැ. ඇතැම් දරුවන් දෙමව්පියන්ගෙන් පසුකාලීනව දුරස් වන්නට එක හේතුවක් තමයි කුඩා මනසකට වැඩිහිටියන් අතින් සිදු වන වැරදි . තවත් දරුවන් තමන් දෙමව්පියන් වූ පසු තමන්ගේ දරුවන්ටත් පහර දෙන්නට නිරායාසයෙන්ම පෙළඹෙනවා. දරුවාව හොඳ පුද්ගලයෙක් විදිහට හදා හදා ගන්න ඕනි නම් වැරැද්ද දැක්ක තැන කරුනාවෙන් කියලා දීලා යහ මගට ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1342 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:01:16 AM
Script:/article/1342/negative-vibes-that-transform-when-you-hit-your-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:01:16 AM
Script:/article/1342/negative-vibes-that-transform-when-you-hit-your-kids.html