හැමදාම කන පරිප්පු කරියට පොඩි වෙනසක් කරන්න සුදානම්ද? අද හැඩකාරී අපි ඔයාට රසම රස පරිප්පු කරියක් හදා ගන්න විදිහ ගැන කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
පරිප්පු 200g (කෝප්ප 1)
තරමක ලොකු ළුණු ගෙඩි 1
පොඩියට කපා ගත් අමු මිරිස් කරල් 2
කරපිංචා කොල ස්වල්පයක්
රම්පේ කෑල්ලක්
කුරුඳු පොතු ස්වල්පයක්
පොඩියට කපා ගත් සුදු ළූනු
කහ කුඩු තේ හැඳි 1
ලුණු කුඩු රස පදමට
මිරිස් කුඩු රස පදමට
දිය පොල් කිරි කෝප්ප 1
උකු පොල් කිරි කෝප්ප 1
සාදන ක්‍රමය :
01. භාජනයකට තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් වූ පසු එයට සුදු ළූනු ටික දමා තරමක් රන්පැහැ වනතුරු තබා එයට කරපිංචා, රම්පේ, අමු මිරිස්, කුරුඳු පොතු, ළූනු දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
02. පසුව එයට කලින් සෝදා වතුර ඉවත්කර ගත් පරිප්පු දමා එයට කහ කුඩු, ලුණු කුඩු හා මිරිස් කුඩු පදමට දමා තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න.
03. එයට දිය පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට දමා පරිප්පු හොඳින් තැම්බෙන තුරු මද ගින්නේ පිස ගන්න.
03. එයට උකු පොල් කිරි ස්වල්පයක් එකතු කර හොඳින් හැඳි ගා කිරි නටන විට ලිපෙන් ඉවතර ගන්න .