කටට රහට ඉස්සෝ බිරියානි

February 9, 2017
13,626
Prawn biryani recipe
පිසගත් බාස්මතී කෝප්ප 2 1/2
ඉස්සන් 1kg
ගිතෙල් මේස හැදි 2ක්
තෙල් මේස හැදි 2ක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් ඇට 4ක්
කරාබු නැටි 4ක්
bay leaf කොල 2ක්
ලොකු ළුණූ ගෙඩි 5ක්
තක්කාලී ගෙඩි 4ක්
මිරිස් කුඩු තේ හැදි 3ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
කොත්තමල්ලි කුඩු තේ හැදි 2ක්
ලුණූ පදමට

(අමු මිරිස් කරල් 4ක්, වියලි මිරිස් කරල් 4ක්, සුදු ළුණූ බික් 10ක් හා
ඉගුරු කැබැල්ලකට වතුර ස්වල්පයක් දමා එකවර අඹරාගන්න.)

මුලින්ම තෙල් රත්කර එයට කුරුදු පොතු, එනසාල්, කරාබු නැටි, bayleaf කොල 2ක්, ළුණූ(slice) එකතු කරගෙන හොදින් තෙම්පරාදු කරන්න. ඒ අතර කලින් අඹරාගත් මිශ්‍රණය එකතු කරගන්න. එයට ඉතා කුඩාවට කපාගත් තක්කාලි එකතු කරගන්න.

දැන් හොදින් තෙම්පරාදුවන අතරේ තුනපහ වර්ග ටික එක්කරගන්න. පදමට ලුණු එකතුකරගන්න. දැන් පොතු ඉවත් කරගත් ඉස්සෝ එකතුකර හොදින් කලවම් කරන්න. ඉන්පසු බාස්මති එකතුකර මද ගින්නේ විනාඩි 10ක් පමන පිසගන්න. අවශය නම් මින්ට් කොල හා කොත්තමල්ලි කොල ස්වල්පයක් එක්කරගන්න.

බාස්මති පිසගැනීමට : හාල් කෝප්ප 2ක් මැනගන්න. එම කෝප්පයෙන්ම වතුර 2 1/2ක් එකතුකර පැය බාගයක් පොගවගන්න. පසුව එම වතුර පෙරාගන්න. එම වතුර බදුනක රත් කරගන්න.(ලුණු ස්වල්පයක් දමා. වතුර නටන විට හාල් එකතුකර විනාඩි10 පමන පිසගන්න. පියන ඉවත් නොකර තවත් විනාඩි 5ක් පමන ලිප මත තබන්න.)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   46,524
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   35,279
   32

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
5 skin care tips for your neck
   32,426
   31

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   137,665
   30

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed