ලස්සන දිදුලන සමක් ඕනෙ නම් බීට් තමයි පිලිතුර. අද හැඩකාරී අපි ඔයාට ගෙදර ඉඳලම හාල්මැස්සන් සමග බීට් රූට් කරිය පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
බීට් රූට් 300g (සාමාන්‍ය තරමේ අලයක්)
හාල්මැස්සෝ 50g
අමු මිරිස් කරල් 02
රතු ළුණු ගෙඩි 08
කරපිංචා
කහ කුඩු තේ හැඳි 01
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
තුන පහ කුඩු තේ හැඳි 02
ලුනු තේ හැඳි 01
උළු හාල් තේ හැඳි 1/2
පොල් කිරි කෝප්ප 02
සාදන ක්‍රමය :
01. බීට් රූට් ටික හොඳට සුද්ද කර අමු මිරිස්, රතු ළුණු සහ බීට් රූට් අලය සිහින්ව කපා ගන්න.
02. ඒ ටික පිසින භාජනයට දමා, හොඳට සෝදා ගත්ත හාල්මැස්සෝ ටික එකතු කරන්න.
03. එයට උළු හාල්, ලුනු, තුන පහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු හා කරපිංචා දමා හොඳට කලවම් කර පොල් කිරි ටික එකතු කරන්න.
03. විනාඩි 10-15ක් විතර ලිපේ තියලා උයාගන්න. මෙය බත් හෝ පාන් කන්න හරිම රස ව්‍යාංජනයක්.