උත්සව කාලයට හරියන ගිතෙල් බතක් සහ චිකන් ව්‍යංජනයක්

December 30, 2019
2,907
Ghee rice and chicken curry for the festive season
උත්සව සමයේ කෑම මේසය අලුත් කරන්න…බත් එකටයි චිකන් එකටයි පොඩි රසවත් වෙනසක් කරමු

චිකන් ව්‍යංජනයක් මෙහෙම හදමු..

අවශ්‍ය දේ :

කකුලු මස් සම ඉවත් කළ බ්‍රෙස්ට් කොටස් ග්‍රෑම් 450 ක්
ගරම් මසාලා තේ හැඳි දෙකක්
කොත්තමල්ලි කොළ තේ හැඳි දෙකක්
ලියාගත් බි ලූණු තේ හැඳි දෙකක්
සුදුලූනු තේ හැඳි දෙකක්
අමුමිරිස් කරල් 3 ක්
තෙල් අවශ්‍ය පමණට
ගමම්රිස් මේස හැන්දක්
ලුණු සහ කහ
මීකිරි තේ හැඳි දෙකක්

සාදන අන්දම :

01. මුලින්ම බ්‍රෙස්ට් කොටස කැබැලි වලට කපා ගන්න. ලුණු සහ කහ මේ මස් කැබැලිවල අතගා පසෙක තබන්න.

02. අමුමිරිස්, ළූණු, ගරම් මසාලා, ගම්මිරිස් සුදුළූණු ආදි සියල්ල බ්ලෙන්ඩ් කර ගෙන තලපයක් සේ සකස් කර ගන්න.

03. මස් කැබැලිවල මේ මිශ්‍රණය අතගා විනාඩි 25 ක් පමණ වේලා තබන්න.

04. දැන් තෙල් ලිප තබා මේ මස් කැබැලි තෙලෙන්ම ටෙම්පර් වෙන අන්දමට පැත්තෙන් පැත්ත හරවමින් බදින්න. හොඳින් බැදුන පසුව මීකිරි තවරන්න.

05. දැන් කොත්තමල්ලි කොළ වලින් මේ මස් ව්‍යංජනය සරසා ගන්න.

උත්සව කාලයට රසවත් ගිතෙල් බතක්…

අවශ්‍ය දේ :

කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක්
සූදුරු ග්‍රෑම් 25 ක්
ලියා ගත් කැරට් ග්‍රෑම් 100 ක්
කොළ පැහැකොටසෙන් ලියාගත් ලීක්ස් ගස් දෙකක් හෝ ලූණු කොල
එනසල් ඇට හතරක්
මිටිකිරි කෝප්ප දෙකක්
ගිතෙල් ග්‍රෑම් 100 ක්
රම්පෙ කැබැල්ලක්
ඉඟුරු කැබැල්ලක්
ගම්මිරිස් ඇට 10 ක්
යෝගට් හැඳි දෙකක්
සැරසීමට බැදගත් කජු, ලූණු

සාදන අන්දම :

01. හාල් හොඳින් පිරිසිදු කර ගෙන එයට ලුණු කහ එක් කරන්න.

02. දැන් ගිතෙල් ලිප තබා සහල් තෙලට දමා ටික වේලාවක් ගියාම අවශ්‍ය පමණට බත ඉදෙන්නට වතුර එක් කරන්න.

03. වෙනත් භාජනයක එලවලු ගිතෙලේ වලින් බදින්න.

04. බත ඉදීගෙන එන විට මිටිකිරි කෝප්ප දෙක යෝගට් එකතු කර ගෙන බතට එකතු කරන්න.

05. දැන් ගිතෙලෙන් තෙම්පරාදු කර ගත් එළවලු මේ බතට හොඳින් මිශ්‍ර කරන්න.

06. බැදගත් කජු, ලූණු වලින් සරසා ඉතාම ලස්සන බතක් උත්සව මේසයට යවන්න දැන් සූදානමින්.


එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1497 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:11:59 PM
Script:/article/1497/ghee-rice-and-chicken-curry-for-the-festive-season.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:11:59 PM
Script:/article/1497/ghee-rice-and-chicken-curry-for-the-festive-season.html