අද හැඩකාරී අපි හැමෝම කන්න කැමති කෑමක් ගෙදර ඉඳන් පහසුවෙන් පිළියෙළ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා.ඒ තමා Brownies.
අවශ්‍ය ද්‍රව්‍ය :
පිටි කෝප්ප 1
සිහින්ව ග්‍රයින්ඩ් කරගත් සීනි කෝප්ප 1
කොකෝවා කුඩු කෝප්ප 1
බේකින් කුඩු තේ හැඳි 1
බේකින් සෝඩා තේ හැඳි 1
බටර් 100g
කිරි හැඳි මේස හැඳි 6
මුදවපු කිරි මේස හැඳි 6
සාදන ක්‍රමය :
01. පිටි, සීනි, කොකෝවා, බේකින් කුඩු සහ බේකින් සෝඩා එකට හලා ගන්න.
02. දැන් ඉහත මිශ්‍රණයට මුදවපු කිරි, බටර් සහ කිරි මිශ්‍ර කර එක් දිශාවකට මිශ්‍ර කරන්න.
03. මිශ්‍රණය තෙල් කොළයක පතුළට බටර් තවරා ගත කේක් තැටියකට දමන්න.
04. මිනිත්තු 30 - 40 ක් සඳහා අංශක 180 ක පෙර රත් කළ උඳුනක බේක් කර ගන්න.