ඔබ අවශ්‍ය දේවල් ඔහු ලවා පහසුවෙන්ම කරගන්නේ මෙහෙමයි

March 26, 2017
11,875
Getting Him to Do What You Want
බොහොමයක් පිරිමි අය කැමති නැහැ කාන්තාවන් ඔවුන්ට වැඩ පවරනවට. නමුත් එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් කාන්තාවන්ට උදවු කරන්න අකමැතියි කියන එක. ඔබ ටිකක් උපක්‍රමශීලි උනා නම් ඔබට පුළුවන් ඔහු ලවා බොහොම පහසුවෙන්ම ඔබට අවශ්‍ය වැඩ කටයුතු ටික කර ගන්න. මේකට කාන්තාවන්ට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක් විතරයි. මේ ක්‍රමේට ඔබේ වැඩෙත් කෙරෙනවා වගේම ඔබ දෙදෙනාගේ ආදරයත් වැඩිදියුණු වෙනවා.

1. ඔහුට කතාකරන්න

බහුතරයක් පිරිමි අය කැමතියි කෙලින්ම තමන්ට දේවල් පවසනවාට, නැතුව ඔබ යම් යම් ඉගි දෙමින් ඔහු ලවා වැඩක් කරවගන්න ගියොත් ඔහු ඒ දේවල් කරන එකක් නැහැ. මේ නිසා ඔබට අවශ්‍ය දේ කෙලින්ම ඔහුට කියන්න. එවිට ඔහු එය ඔබට කර දේවි.

2. ඔහුට හිතන්න වෙලාවක් ලබාදෙන්න

පිරිමි කොහොමටවත් කැමති නැහැ ඔබ දෙන අණට ක්‍රියාත්මක වෙන්න. මේ නිසා හොදින් ඔහුට කියන්න කලයුතු දෙය. ඉන් පසු ටික වෙලාවක් ඔහුට ලබාදෙන්න ඒ ගැන කල්පනා කරන්න. එවිට ඔහු එය කිරීමට පෙලබේවි.

3. ඔහුට නැවත මතක් කරන්න

සමහර විට ඔහුට ඔබ කිලින් කියපු දෙය අමතක වෙලා වෙන්න පුළුවන්. නැතිනම් ඔබ කියපු දෙය හරියට ඔහුට නොඇසුණා වෙන්න පුළුවන්. මේ නිසා තරහා ගන්නේ නැතුව ඔහුට නැවත මතක් කිරීමක් කරන්න.

4. ඔහු ඔබ වෙනුවෙන් යමක් කරදුන් පසු ඔහුට ස්තූති කරන්න

මෙය ඔහුට සතුටට කාරණාවක් වෙනවා වගේම, නැවත නැවත ඔබට උදවු කිරීමට ඔහුව පොළබවා ගැනීමට හොද උපාය මාර්ගයක්. මේ නිසා ඔහු ඔබට කරදෙන සෑම වැඩකදීම ඔහුට ස්තූති කරන්න මතක තබාගන්න.

5. ඔහුත් සමග ගිව්සුම් වලට එළබෙන්න

මේකත් හරියට පොඩි ළමයින්ගෙන් යමක් කරගන්නවා වගේ තමයි. ඔබට පුළුවන් ඔහු ඔබට යමක් කරදුන්නොත් ඔබත් ඔහුට යමක් කරදෙන බව පවසන්න. මේ නිසා බොහෝ වැඩ ඔවුන් ඔබට කර දේවී.

6. ඒ වගේම ඒ වැඩේ කරන එකේ තියෙන වැදගත් කම ඔහුට පැහැදිලි කරන්න

ඔබ කියන දෙය වැදගත් වැඩක් ලෙස ඔහුට නොසිතුනොත් ඔහු එය සමහර විට නොකරාවි. ඒ නිසා ඒ ගැන ඔහුට පැහැදිලි කරන්න එවිට ඔහු අනිවාර්යෙන්ම එය සිදුකර දේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 152 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:33:27 AM
Script:/article/152/getting-him-to-do-what-you-want.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:33:27 AM
Script:/article/152/getting-him-to-do-what-you-want.html