කෑම කන්න හරිම වෙලාව

March 28, 2017
4,993
The best times to eat breakfast, lunch and dinner
එක දවසක් මම හිතවතියකගෙන් පුංචි ප්‍රශ්නයක් ඇහුවා. "ඔයා කෑම කන්නෙ ඇයි?" ඇය එකපාරම දුන්න උත්තරේ "ඇයි අනේ බඩගින්නට නේ" කියලා. ඒත් ඇගේ පුංචි දියණිය මේ ප්‍රශ්නෙට දුන්නෙ නියම උත්තරේ. "අපි කෑම කන්නෙ ශරීරයේ පැවැත්මට." අන්න ඒ පුංචි දෝණිගේ උත්තරේ හරියටම හරි. ඒත් ශරීරයේ පැවැත්මට කන කෑම එක එක වෙලාවට හිතෙන හිතෙන වෙලාවට කෑම හරියනවද?

ආහාර කියන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක්. සමහර අය කෑම කන්නෙ බඩගිනි ආවම. තවත් සමහර අය කන්නෙ කෑම කන්න ඕන නිසා. ඒ කොහොම වුණත් කෑම කන්නත් නියම වෙලාවක් තියෙනවා. හරි වෙලාවට නොකළොත් කිසි දේකින් වැඩක් නෑ වගේ සුදුසු වෙලාවට කෑම නොගත්තොත් ඒකෙනුත් වැඩක් නෑ. වෙලාවට කෑම නොකා සිටීම නීරෝගී බව නැති වීමට හේතුවක්. ඒ නිසා ප්‍රධාන ආහාර වේල් තුන කන්න ඕන වෙලාව දැනගෙන කන්න.

උදේ කෑම

උදේ ආහාරය ගන්න ඕන අවදිවෙලා පැය භාගයක් ඇතුළත බවයි වෛද්‍ය මතය. එක එක අය අවදි වන්නේ එක එක වෙලාවට. ඒ නිසා කෑම කන වෙලාවත් එක එක වෙලාවල්. එහෙම නෙමෙයි. උදේ 6.30 ට අවදිවෙලා 7 වෙනකොටවත් උදේ ආහාරය ගන්න. ඒ ආහාරවේලට ප්‍රෝටීන් බහුලව එක් කර ගැනීම වැදගත්. උදේ 9ට අවදි වෙලා 9.30 ට කෑම ගැනීම ඔබේ සෞඛ්‍යයට කොහොම බලපායිද කියලා ඔබම තීරණය කරන්න.

දවල් කෑම

දවල් ආහාරය උදේ ආහාර වේලට පැය 4කට පසුව වත් ගන්න. ඒ කියන්නේ දවල් 12.45ට විතර. ඒ ආහාරවේල සමබල ආහාර වේලක් වීම වැදගත්. දවල් ආහාර ගෙන පැය බාගයක්වත් ගතවෙනකම් වාඩි වෙන්න එපා. වෛද්‍යවරැ එහෙම කිව්වත් කාර්යබහුල ජිවිත ගත කරන අයට නම් එහෙම ඉන්න වෙලාවක් නෑ. ඒ වගේම රුකියාවට යන අයටත් එහෙම තමයි. ඒත් උත්සාහ කරලා බලන්න කෑම කාලා පැය භාගයක් වාඩි නොවී ඉන්න.

රූ කෑම

රෑ කෑම කන්න හොදම වෙලාව විදියට හදුන්වා දී තිබෙන්නේ රාත්‍රී 7. රාත්‍රියට ආහාර ගත්තාට පස්සේ නින්දට යන්න තෙක් කාලය අතර පරතරය පැය 3ක්වත් වෙන්න ඕන. බොහොමයක් දෙනා රූට ගෙදර එන්නෙත් රූ දෙගොඩහරියක් වෙලා. ඒ ආ ගමන් කෑම කාලා ඇදට වැටෙනවා. ආහාර ගත්ත ගමන් නින්දට යාම කොහෙත්ම හොද නෑ.
වෙලාවට කෑම ගැනීම වැදගත් වෙන්නේ අපේ නීරෝගී පැවැත්මට. කාලය කලමනාකරණය කරගත්තොත් වෙලාට කන්න පුළුවන් වෙයි. උත්සාහ කරලා බලන්න. ඔබේ පවුලේ අයත් මේ විදියට හුරැ කරවන්න උත්සාහ කළොත් ඔබට හොදයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,201
   29

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   43,601
   28

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
How to reduce under arm sweating
   6,406
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   92,007
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to get vitamin E for healthy skin and hair
   31,655
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed