සාමාන්‍යයෙන් අපි හදන ඉස්සො හොද්දට වඩා රෙස්ටොරන්ට් ස්ටයිල් එකට ඉස්සො හොද්දක් හදන හැටි බලමු..
අවශ්‍ය ද්‍රවය :
සුද්ද කරගත් ඉස්සො 500g
කෑලි කපාගත් ලොකු ලූණු ගෙඩි 1
සුදුලූණු බික් 5
සිහින්ව කපාගත් සේර ගස් දෙකක් (මුල කොටස සහ ලා කොල පාට කොටස පමණක්)
සිහින්ව තලා ගත් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 1
කුඩු කරගත් කොත්තමල්ලි ඇට තේ හැඳි 1
කුඩු කරගත් සූදුරු තේ හැඳි 1/2
කොත්තමල්ලි කොල කෝප්ප 1/2
එළවලු තෙල් මේස හැඳි 2
සොයා සෝස් මේස හැඳි 2
දුඹුරු සීනි තේ හැඳි 2
මිටි පොල් කිරි කෝප්ප 1 1/2
රස පදමට ලුණු සහ ගම්මිරිස්
දෙහි යුෂ මේස හැඳි 2
සාදන ආකාරය :
01. බ්ලෙන්ඩර් එකක හෝ ප්‍රොසෙසර් එකක ලූණු, සුදු ලූණු, සේර, ඉඟුරු, අමු මිරිස්, කොත්තමල්ලි, සූදුරු, කොත්තමල්ලි කොල සහ එළවලු තෙල් මේස හැඳි 1ක් එකතු කර මෘදු පේස්ට් එකක් වන තෙක් බ්ලෙන්ඩ් කරගන්න.
02. ඉතිරි තෙල් මේස හැන්ද සාමාන්‍ය අඩු ගින්දරේ පෑන් එකක රත් කරන්න. සාදාගත් පේස්ට් එක මෙහි පිසගන්න.
03. පොල් කිරි එකට සෝයා සෝස්, සීනි සහ වතුර කෝප්ප 1/2ක් එකතු කර සීනි ටික දිය වන තෙක් මිශ්‍ර කරගන්න.
04. විනාඩි 5ක් පමණ පේස්ට් එක පිසින විට එයින් ඔබට හොඳ සුවඳක් දැනේවි. එවිට එයට පොල් කිරි මිශ්‍රණය එකතු කරන්න.
05. දැන් මෙය විනාඩි 20-25ක් අඩු ගින්දරේ පිසගන්න. රස බලා ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය නම් එකතු කරන්න.
06. දැන් මෙයට ඉස්සන් ටික එකතු කරන්න. ඉස්සන් ටික විනාඩි 3-4ක් පිසගෙන පෑන් එක ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එකතු කර කලවම් කරන්න. බත් සමඟ උණුසුම්ව පිළිගන්වන්න.