ඔයාගේ ගෙවත්තේ පහසුවෙන් වැ​වෙන එළවළු වර්ග 5ක් ගැන දැනගන්​න

July 8, 2020
10,257
Easy plats to grow in your garden
ඔයා ගෙදරම හැදූ එළවළු ආහාරයට ගන්න කැමැත්තෙන් ඉන්​න කෙනෙක්ද? ඔයත් ඔයාගේ ගෙවත්තේ එළවළු හිටවීමට සිතුවාද? නමුත් ගෙවතු වගාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද? හොඳයි, ඔයා කරදර විය යුතු නැහැ. ඔයාට ඔයාගේ ගෙවත්තේ​ම ඉතා පහසුවෙන් වගා කළ හැකි එළවළු කිහිපයක් තියෙනවා. ඔයා තනිවම පැළ කරපු එළවළු අස්වැන්න නෙළා ගත් පසු, ඔයාට ගෙවතු වගාව විනෝදජනක වේවි. අද හැඩකාරී අපි ඔයාට ගෙවත්තේ පහසුවෙන් වැඩෙන එළවළු කිහිපයක් ගැනයි කියන්න හිතුවේ.

පිපිඤ්ඤා
ඔයාගේ ගෙවත්තට යහපත් හිරු එළියක් ලැබෙන්නේ නම්, පිපිඤ්ඤා වගා කිරීම හො​ඳයි. හොඳින් හිරු එළිය වැටීම මෙහි ඵලදාව සාර්ථක වීමට අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ ව​ගේම පිපිඤ්ඤා සිරස් අතට වැඩෙන බැවින් වැඩි ඉඩක් අවශ්‍ය වෙන්නේත් නැහැ.

බෙල් පෙපර්
මෙම එළවළු උෂ්ණත්වය හොඳින් ලැබෙන පරිසරය​ක සහ හොඳින් ජලය බැස යන සරු පසක සාර්ථක​ව වැඩෙයි. ඔයාට මෙම එළවළු සලාද, ව්‍යංජන, පැස්ටා සහ මස් වර්​ග වල​ටද එකතු කළ හැක.
 
බෝංචි
ගෙවත්තේ වව​න වඩාත් ජනප්‍රිය එළවළු වලින් එකක් තමයි බෝංචි කියන්නේ. බෝංචි වගාව සාර්ථක වන්න​ට හිරු එළිය හොඳින් ලැබී​ම සහ මධ්‍යස්ථ වශයෙන් හෝ සරු පසක් අවශ්‍ය වෙනවා. ​මෙම වගා​ව පළිබෝධකයන්ට ගොදුරු විය හැකි අතර ඒවා ආරක්ෂාකාරීව තබා ගන්න පියවර ගත යුතුයි. බෝංචි වල විටමින් සී, කේ සහ ෆෝලේට් අඩංගුයි.

තක්කාලි
තක්කාලි කියන්නේ ඉවුම් පිහුම් සඳහා යොදාගන්නා ජනප්‍රියම ප​ළතුරක්. කුඩා ඉඩක පෝච්චි වල වුවත් මෙම බෝග වගා කිරීමට පහසු යි. නමුත් තක්කාලි විවි​ධ රෝග හා පළිබෝධකයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අතර සමහර තක්කාලි විශේෂයන්​ට නිසි ලෙස වැඩීමට ආධාරක ආදිය සිටුවීම​ද අවශ්‍ය වෙනවා. 

බණ්ඩක්කා
බණ්ඩක්කා ගෙවත්තක වගා කළ හැකි හොඳම එළවළුවක් ව​න අතර කාබනික හෝ රසායනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1688 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:12:13 AM
Script:/article/1688/easy-plats-to-grow-in-your-garden.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:12:14 AM
Script:/article/1688/easy-plats-to-grow-in-your-garden.html