වම්බටු පැහි

July 14, 2020
3,243
Brinjal Pehi
බටු ටිකක් රසට හදාගත්තොත් බත් වේල රසවත් වෙනවා. නිකන්ම නිකන් වම්බටු උයලා කනවාට වඩා වෙනසක් කරලා බටු ටික හදාගත්තොත් බත් වේලට පනක් ඒවි..

අවශ්‍ය ද්‍රව්‍ය :

වම්බටු ග්‍රෑම් 500
රතු ලූණු ග්‍රෑම් 20
සිහින්ව තලා ගත් සුදු ලූණු බික් 5
සිහින්ව තලා ගත් ඉඟුරු ග්‍රෑම් 50
සිහින්ව තලාගත් හෝ අඹරාගත් අබ මේස හැඳි 1/2
එළවලු තෙල්
අමු මිරිස් කරල් 10
සීනි තේ හැඳි 3
පොල් විනාකිරි මිලි ලීටර 100 (කෝප්ප 1/4)
කරපිංචා ඉති 1
මිරිස් කුඩු මේස හැඳි 2
කහ මේස හැඳි 1
තුනපහ තේ හැඳි 2
රම්පේ කැබැල්ලක්

සාදන ආකාරය :

01. වම්බටු සෝදා කොටු කපා ගැඹුරු තෙලේ බැදගන්න.

02. අමු මිරිස් කරලේ අඩක් තෙක් පලාගන්න. එයත් ගැඹුරු තෙලේ යන්තම් වර්ණය වෙනස් වන තෙක් බැදගන්න. රතු ලූණු ටිකත් යන්තම් වර්ණය වෙනස් වන තෙක් බැදගන්න.

03. විනාකිරි ටිකට තලාගත් ඉඟුරු, සුදුලූණු, අඹරාගත් අබ, කහ, මිරිස්, තුනපහ, සීනි එකතු කර මිශ්‍ර කර පසෙකින් තබන්න.

04. මැටි ඇතිලියක තෙල් තේ හැන්දක් රත් කරන්න. එයට කරපිංචා කොල ටික එකතු කර බැදගන්න. එය බැදෙන විට රම්පේ කෑල්ල එකතු කරන්න. දැන් මෙයට සාදාගත් විනාකිරි මිශ්‍රණය එකතු කර බුබුළු නගින තෙක් පිසගන්න.

05. බුබුළු නගින විට එයට වම්බටු ටික එකතු කරන්න. රස අනුව ලුණු ද එකතු කර කලවම් කර, සියල්ල කලවම් වූ සැනින් ලිපෙන් ඉවතට ගන්න.

06. සුළං නොවදින වීදුරු බෝතලයක බහා දින දෙක තුනක් වුවද තබා ගත හැක. ශීතකරණයේ නම් සති 2ක් වුවද තබා ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1699 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:24:23 PM
Script:/article/1699/brinjal-pehi.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:24:24 PM
Script:/article/1699/brinjal-pehi.html