නැවුම් රසයන්ගෙන් පිරුණු පහසු, සෞඛ්‍ය සම්පන්න, රසවත් කැරට් සුප්, කාර්යබහුල දිනයේ රාත්‍රි සංග්‍රහයක් සඳහා සුදුසුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් මේස හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 1
කපා ගත් ළූණු ගෙඩි 1
ලොකු කැරට් 5 හෝ 6ක්
අඹරාගත් සුදුළූණු 3
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/2
තලාගත් ගම්මිරිස් තේ හැඳි 1/4
එලවලු බ්‍රොත් කෝප්ප 6ක් හෝ එලවළු සුප් කැට දියකරගත් කෝප්ප 6ක්
හෙවි ක්‍රීම් හෝ කිරි කෝප්ප 1/2 (කැමති නම් පමණයි )
සැරසීමට කොත්තමල්ලි කොළ
සාදන ක්‍රමය
01. ගැඹුරු භාජනයක් ලිපේ තබා බටර් සහ ඔලිව් තෙල් එකතු කර මධ්‍යම ගින්දරේ තබන්න.
02. කපා ගත් ළූණු සහ කැරට් විනාඩි 5 ක් එහෙට මෙහට පෙරලමින් උයන්න.
03. අඹරාගත් සුදුළූණු, මිරිස් කුඩු, ලුණු සහ ගම්මිරිස් එකතු කර කලවම් කරන්න.
04. එලවලු බ්‍රොත් එකතු කර හොඳින් කලවම් කරන්න වැඩි ගින්දරේ නටන තෙක් තබන්න.
05. දැන් ගින්දර අඩු කර බඳුන වසා මිනිත්තු 20 ක් උයන්න.
06. දැන් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම සිනිදු වන තුරු මිනිත්තු කිහිපයක් බ්ලෙන්ඩ් කරන්න.
07. නැවත ලිප තබා කිරි එකතු කර කොත්තමල්ලි කොළ උඩින් දමා සරසන්න.