මේ දේවල් වලට නම් ජිවිතේ කිසිම දවසක හා කියන්න එපා

April 8, 2017
10,199
Here is why and when you should say no
කවුරු උනත් කැමතියි හැම කෙනෙක්ගේම හිත දිනාගෙන ඉන්න. මේ නිසා බහුතරයක් දෙනා කැමති නැහැ අනෙක් අයගේ හිත රිදෙන දේවල් කරන්න. මේ නිසා ඔවුන් නිතරම පෙලබෙනවා අනෙක් අය කියන හැම දෙයක්ම බැහැයි කියන්නේ නැතුවම කරලා දෙන්න. අනෙක් අයට උදවු කරන එක හොද දෙයක් තමයි නමුත් අපේ ජිවිත වල හැම දෙයකම සීමාවක් තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ අපි අමාරුවේ වැටෙන එක වගේම බාහිර පුද්ගලයන් අපෙන් ප්‍රයෝජන ලබාගන්න එක. මේ නිසා සමහර දේවල් තියෙනවා ඔබ නොකළ යුතු. ඒ නිසා මේ වගේ අවස්ථාවන් වලදී අනිවාර්යෙන්ම ඔබ මතක තබාගත යුතුයි හා කියන වචනය ඔබේ කටින් පිට නොකර ඉන්න.

1. ඔබ අකමැති රැකියාවක නිරත වෙන්න

අපිට ජිවත් වෙන්න මුදල් අවශ්‍යයි. මුදල් සොයාගන්න නම් රැකියාවක් කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ අකමැති රැකියාවක් කිසිම දවසක මුදල් හෝ වෙනත් හේතුන් නිසා කරන්න පෙලබෙන්න එපා. අනිවාර්යෙන්ම කවුරු කොහොම මොන දේවල් කිවුවත් ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඔබ කැමති රැකියාවක් සොයාගන්න. මේ නිසා ඔබ අකමැති රැකියාවක් ප්‍රතික්ෂේප කිරීමට කිසිම අවස්ථාවක බිය වෙන්න එපා.

2. ඔබව පහතට ඇද දමන පුද්ගලයන්ට

සමහර පුද්ගලයන් ඉන්නවා ඔබව කොතරම් හොදින් ආශ්‍රය කලත් අවස්ථාවක් ලැබුන විගසම ඔබව පහතට ඇද දමන සහ අනෙක් අය ඉදිරියේ ඔබව හෑල්ලුවට ලක් කරන. මේ නිසා මේ වගේ පුද්ගලයන් ඔබෙන් යමක් ඉල්ලු විට එයට ඔබේ අකමැත්ත ප්‍රකාශ කරන්න කිසිම අවස්ථාවක මැලි වෙන්න එපා.

3. රැකියා ස්ථානයේ වැඩිපුර වැඩ කිරීමට

සමහර අවස්ථාවන් එනවා ඔබට රැකියා ස්ථානයේදී වැඩිපුර වැඩ කිරීමට සිදුවෙන. මේ වගේ අවස්ථා වල බොහෝ දෙනා තමන්ගේ ප්‍රධානියාගේ හිත රිදවන්න කැමති නැති නිසා අකමැත්තෙන් උනත් වැඩිපුර වැඩ කරනවා. මේ නිසා ඔවුන්ට ඔවුන් කරන්න කැමති දේවල් වගේම ඔවුන්ගේ පවුලේ අය සමග ගත කරන්න තියෙන කාලයත් අහිමිවී යනවා. මේ නිසා ඔබට වැඩිපුර වැඩ කිරීම අපහසු කාර්යක් නම් අනිවාර්යෙන්ම එයට ඔබේ අකමැත්ත ප්‍රකාශ කරන්න, මොකද රස්සාව විතරක් නොවෙයි ඔබේ ජීවිතය.

4. ඔබ කිරීමට අකමැති සහ ඔබට කිරීමට අවශ්‍යතාවයක් නොමැති දේවල් වලට

සමහර පුද්ගලයන් කෙලින්ම යමකට බැහැයි කියන්නේ නැතුව ඒ අවස්ථාවේ එයට කැමැත්ත ප්‍රකාශ කර පසුව විවිධ හේතු දක්වමින් ඒ දේ මගහරිනවා. එවිට ඔබෙන් උදවුව බලාපොරොත්තුවෙන් හිටිය පුද්ගලයා වගේම ඔබත් අමාරුවේ වැටෙනවා. මේ නිසා ඔබට ඒ දේවල් කරන්න හැකියාවක් නැතිනම් ඔවුන් ඔබෙන් උදවු ඉල්ලූ මුල්ම අවස්ථාවේදීම ඔබේ නොහැකියාව සහ අකමැත්ත එයට ප්‍රකාශ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 194 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:15 PM
Script:/article/194/here-is-why-and-when-you-should-say-no.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:15 PM
Script:/article/194/here-is-why-and-when-you-should-say-no.html