කොහේ ගියත් හැමෝගෙම ඇස් ඔබ ලඟම නතර කරගන්න කැමතිද?

April 9, 2017
13,859
10 mistakes that prevent us from looking perfect
අපි කොහේ ගියත් මුළු දවස පුරාම ලස්සනට ඉන්න අපි කව්රුත් කැමතියි නේ. "ෂා අර කෙල්ල නම් ලස්සනයි" කියල අහගන්න එක අපිට ලොකු දෙයක්. ඉතින් කොහොමද හැම වෙලාවකදීම ඒ විදිහට ලස්සනට ඉන්නේ? මෙන්න මේ පියවර අනුගමනය කරන්නකෝ. කිසිම කරදරයක් නැතුව හැමදාම හැමෝටම පේන්න ලස්සනට ඉන්න පුළුවන්.

01. අන්තිම මොහොතේ ලෑස්ති වෙන එක

කොහේ හරි යන්න ඕනේ කියල අපි කලින් දැනගන්නවනේ. ඒක නිසා වෙලා ඇතුව ලෑස්ති වෙන්න. මොකක්ද අඳින්නේ, මොනවද දාන ආභරණ, hand bag එක මොකක්ද කියල කලින්ම තීරණය කරන්න. එතකොට අපිට හරිම ලස්සනට පෙනී ඉන්න පුළුවන් කම ලැබෙනවා. අන්තිම මොහොතේ ලෑස්ති වෙන්න ගිහින් තමන්ගේ පෙනුම නැති කර ගන්න එපා.

02. කාලගුණයට හරි යන විදිහට අඳින්න

රස්නේ කාලයට ඒ විදිහටත්, සීතල පරිසරයට, උදේට, රාත්‍රියට ගැලපෙන විදිහට ඇඳුම් තොර ගන්න. ගොඩක් රස්නේ පරිසරයකට නම් ඔබ යන්නේ මුළු ශරීරයම ආවරණය වෙන විදිහේ ඇඳුම් තෝරා ගත්තහම, ඔබට දැනෙන්නේ ලොකු අපහසුවක්.
ඒ වගේම ඒකෙන් ඔබේ පෙනුමට වෙන්නේ හොඳක් නෙමෙයි.

03. යන තැනට අනුව අඳින්න

ඔබ යන්නේ කොහෙටද කියල කල්පනාවෙන් යන තැනට ගැලපෙන්න අඳින්න. බීච් පාටි එකකට නම් යන්නේ ගොඩාක් අඩි උස සපත්තු පළදින්න ඔබට බෑ. අන්න ඒවගේ හරි අවබෝධයකින් යුතුව ඇඳුම් තෝරා ගන්න. ඔබ යන තැනට dresscode එකක් තියෙනවද, කොයි විදිහේ event එකක්ද කියලා හරියට හොයලා බලන්න කල් ඇතුව.

04. ඇඟට සරිලන ඇඳුම් අඳින්න

හුගක් හිර ඇඳුම් ඇන්දහම කොහොමත් ඔබගේ පෙනුම නැති වෙනවා. කවදාම හරි අඳින්න පුළුවන් වෙයි කියලා අපි පරිස්සමට අරන් තියලා තියෙන කලිසම් එහෙම තියෙනවා නේද? එහෙම හිර ඇඳුම් හරියටම අඳින්න පුළුවන් වෙනකල් ඉන්නවා මිසක් හිරට හිරේ අඳින්න එපා.

05. නියමිත වෙලාවට ඇඳුම් අලුත්වැඩියා කරන්න

සමහර වෙලාවට අපේ ඇඳුම් වල බොත්තම් ගැලවිලා තියෙන්න පුළුවන්. නූල් කෑලි එහෙන් මෙහෙන් එල්ලෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට හරි වෙලාවට පිළියම් යොදන්න. කටු, ඉඳිකටු, නූල් තියෙන පුංචි tool kit එකක් ඔබේ handbag එකේ තියාගන්න හැම වෙලේම. හරි වෙලාවට ඒවා අලුත්වැඩියා කරන්න.

06. හරි හැටි ආභරණ පළඳනා භාවිතා නොකිරීම

අපි ගාව තියෙන පුංචි පුංචි අභරණ පාවිච්චි කරන්න ඕනේ ඇඳුමට ගැලපෙන විදිහට. ඔබ ඒවා මිලදී ගත්තේ නිකන් ගෙදර තියන්න නෙමෙයිනේ. එක නිසා හරි තෝරා ගැනීමක් එක්ක ශෝල්, ස්කාෆ්, බෙල්ට් වගේ දේවල් ඔබට පාවිච්චි කරන්න පුළුවන්.

07. හොඳ තත්වයෙන් යුතු රෙදිපිලි තෝරා ගන්න

අපි අදින ඇඳුම මහලා තියෙන්නේ බාල වර්ගයේ රෙද්දකින් නම් අනිවාර්යයෙන්ම ඒ බාල බව ඇඳුමෙනුත් පේනවා. ඒක වලක්වන්න බෑ. ඒවගේම ඒවා ඉක්මනින් පොඩි වෙනවා. එක පාරක් දෙපාරක් සේදුවහම පරණ පෙනුමක් එනවා. ඉතින් ඔබ ඇඳුම් මිලදී ගන්න කොට හොඳ තත්වයේ රෙදි වලින් නිර්මාණය කරපු ඇඳුම් තෝරා ගන්න.

08. ගැලපෙන වර්ණ

ඇඳුම් ඔබේ හමේ වර්ණයට ගැලපෙන්න ඕනේ. ඒ වගේම කලිසමයි, ටොප් එකයි නැත්නම් සායයි බ්ලවුස් එකයි අන්දිනවානම්, ඒවායේ පාට එකිනෙකට ගැලපෙන්නත් ඕනේ. කිසිම විදිහකින් ගැලපෙන්නේ නැති පාට එකට ඇන්දහම පිටට කිසිම ලස්සනක් නෑ. ඒ නිසා වර්ණ තෝරා ගැනීමේදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

09. මුද්රිත රෙදි වර්ග

එක එක දේවල් ප්‍රින්ට් කරලා තියෙන ඇඳුම් තෝරා ගන්න කොටත් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කාර්යාලයට අඳින ඇඳුම් වලදී නම් මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. නුසුදුසු, නොගැලපෙන එක එක රටා මුද්‍රණය කරලා තියෙන රෙදි, ඇඳුම් තෝර ගන්න එපා.

10. ඇඟට සරිලන යට ඇඳුම්

යට ඇඳුම් තෝරාගන්න කොට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඇඟට හරියටම ගැලපෙන ප්‍රමාණය තෝරාගන්න එක. විශේෂයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල, ගොඩාක් පොඩි බ්‍රසියර භාවිතා කරනවා නම් ඔබේ පෙනුමට එක් කරන්නේ අවලස්සනක්. යට ඇඳුම කාටවත් පෙන්නේ නෑ නේ. ඒක නිසා මොකක් ඇන්දහම මොකද කියලා ගොඩ දෙනෙක් හිතුවට එක වැරදියි. යට ඇඳුමක් නිසා ඔබ අපහසුතාවයෙන් නම් ඉන්නේ ඒක එලියට පේනවනේ. ඒක නිසා හරියට යට ඇඳුම් තෝරා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 198 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:05:39 AM
Script:/article/198/10-mistakes-that-prevent-us-from-looking-perfect.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:05:40 AM
Script:/article/198/10-mistakes-that-prevent-us-from-looking-perfect.html