රසවත් ඉතාලියානු එළවලු මිශ්‍ර පරිප්පු සුප්

July 22, 2021
3,302
Italian Lentil Soup
ඉතාලියානු ආහාර ඉතාමත් රසවත් අතර බොහෝ දෙනා ප්‍රිය කරනු ලබනවා.. අද හැඩකාරි ඉදිරිපත් කරන්නේ ඉතාලි ක්‍රමයට රසම රස පරිප්පු සුප් එකක් පිළියෙල කරගන්නා ආකාරයයි. මෙය ඉතාමත් රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන්ද ඉතා ඉහළයි.

කුඩා දරුවන්ට පවා දිය හැකි පරිපූර්ණ නිර්මාංශ ආහාරයක් ලෙසින්ද මෙය හැඳින්විය හැකියි..

අවශ්‍ය ද්‍රව්‍ය :
ඔලිව් තෙල්
නැවුම් එළවලු (කැරට් , බෝංචි, ළූණු, සුදු ලූණු, සුකිනි,කේල්)
අවශ්‍ය පමණට වතුර
කොටුවට කපාගත් තක්කලි ගෙඩියක්
පරිප්පු
බැසිල්, තයිම් සහ ඔරිගානෝ ස්වල්පය බැගින්
ලුණු සහ කළු ගම්මිරිස්
නැවුම් ලෙමන් හෝ දෙහි යුශ ස්වල්පයක්
අවශ්‍ය නම් පාර්මසන් චීස් ස්වල්පයක්

සාදන ආකාරය :
- සුප් සෑදිය හැකි භාජනයක් ගන්න.
- ඔලිව් ඔයිල් එක්කර රත් කරන්න.
- කැරට් ලූණු එක්කරන්න. විනාඩි දෙකක් පිස ගන්න.
- විනාඩි දෙකකට පසු සුදු ලූණු දමන්න. තවත් විනාඩි දෙකක් පිස ගන්න.
- කපාගත් තක්කාලි ටික සහ වතුර එකතු කරන්න.
- පරිප්පු, ලුණු, ගම්මිරිස් සහ හර්බ්ස් ටික එක්කරන්න.
- හොඳින් කලවම් කර විනාඩි 35ක් පමන් මද ගින්දරේ පිසගන්න.
- සුකිනි සහ කේල් ටික එක් කර විනාඩි 10ක් පමන පිසගන්න.
- දෙහි හෝ ලෙමන් යුෂ එක්කරන්න.
- පාමසන් චීස් එක්කර රස බලන්න.

වඩාත් රසවත් පරිප්පු සුප් බඳුනක් සඳහා පහත පියවර අමතක නොකරන්න.

- ඔබ එක්කරන පරිප්පු වර්ගය අනුව පිසිනු ලබන වේලාව පිළිබද සැලකිලිමත් වන්න. ඇතැම්
පරිප්පු වර්ග ඉක්මණින් තැම්බෙනන් අතර ඇතැම් පරිප්පු තැම්බීමට තරමක් වෙලා ගතවනවා.

- ඔබට අවශ්‍ය නම් එළවලු වෙනුවට කුකුළු මස් එක්කර ගත හැකියි.

- ඔබට අවශ්‍ය නම් බ්‍රොකෝලි, මුං ඇට,අර්තාපල්, ගෝවා, වට්ටක්කා වැනි එළවලු වර්ග එක්කල හැකියි.

- අමතක නොකර දෙහි හෝ ලෙමන් යුෂ එක්කරන්න. එයින් සුප් බදුණකට රසයක් මෙන්ම පෙනුමක්ද එක්කරනු ලබනවා.

පවුලේ සැමදෙනාම සිටින විවේකි සෙනසුරාදා රාත්‍රියට ඔබටත් මෙම රසවත් ඉතාලි සුප් බඳුන පිළියෙල කරගත හැකියි නේද.. රස විදීමට යන්තමින් ටෝස්ට් කරන ලද පාන් පෙති දෙකක් පමණයි අවශ්‍ය වන්නේ..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2022 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:23:01 PM
Script:/article/2022/italian-lentil-soup.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:23:01 PM
Script:/article/2022/italian-lentil-soup.html