නින්දෙන් ගොරවන එක ඇත්තටම ලෙඩක්ද?

April 19, 2017
3,553
Snoring may be early sign of future health risks
නින්දෙන් ගොරවන එක නම් බොහොමයක් දෙනාට තියන ප්‍රශ්නයක්. මේකට ගෑනු පිරිමි කියලා වෙනසකුත් නෑ. දෙගොල්ලොම රෑට හරි හරියට ගොරවනවා. සමහර අය නම් දන්නෙත් නැහැ ඔවුන් රෑට ගොරවනවද කියලවත්. නමුත් ඉතින් මේ ගොරවන එක නම් පුංචි දෙයක් කියලා ගණන් ගන්නේ නැතුව ඉන්න එක නම් එච්චර හොද දෙයක් නොවෙයි. මොකද නින්දේදී ගෙරවීම රෝග රැසකට හේතු වෙන්නක්. සාමන්යෙන් ඔබට ශරීරයේ අප්‍රාණික ගතියක් දැනෙනවා නම්, හේතුවක් නොමැතිව ඔලුව රිදෙනවා නම්, ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම් මේ සියල්ල නින්දේදී ගෙරවීම නිසා ඇතිවූ ප්‍රථිපල විය හැකියි. නින්දේදී ගෙරවීමේ රෝගය හදුන්වන්නේ obstructive sleep apnea (OSA) ලෙසයි. මෙයින් සරලව අදහස් වෙන්නේ නින්දේදී ස්වසනය තාවකාලිකව අවහිර වීමයි.

මේ රෝගී තත්වය නිසා සිදුවෙන්නේ රාත්‍රී කාලයේදී ඔබේ ස්වසන මාර්ගය ආශ්‍රිත මාංශ පේශීන් මගින් ඇතිවෙන අවහිරවීමක් නිසා ඔබට හොදින් හුස්ම ගැනීමට අපහසු වීමයි. ඒ නිසා රාත්‍රී කාලයේදී ඔබේ සිරුරට ලැබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා ඔබ විවිධ රෝගාබාධ වලට ලක් වෙනවා. මේ තත්වය නිසා ඇතිවිය හැකි රෝග තත්වයන්.

1. අම්ල ප්‍රතිවාහය
2. රාත්‍රී කාලයේදී නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවය ඇතිවීම
3. මතකය අඩුවීම
4. ආඝාතය
5. මානසික ආතතිය
6. දියවැඩියාව
7. හදවත් රෝග

මෙම රෝගය තිබෙන පුද්ගලයන් අතරින් 35% පමණ දෙනා ඉන්නේ ඉහළ අවධානම් තත්වයක. ඔබත් අධිකව රාත්‍රියට ගොරවන පුද්ගලයෙක් සහ ඉහත රෝග ලක්ෂණ ඔබ තුලින් දක්නට ලැබෙනවා නම් මේ ගැන සුළුවෙන් හිතන්නේ නැතිව මේ සදහා ප්‍රතිකාර තිබෙන නිසා ඉක්මනින්ම ඒ සදහා යොමු වී නිවැරදි ප්‍රතිකාර ලබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,496
   605

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   678
   496

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   641
   87

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   11,027
   83

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,329
   40

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed