හැමදාම හදන අල හොද්දෙන් මිදිලා මෙන්න මේ විදියටත් හදලා බලන්න

May 22, 2017
10,566
Potato curry recipe
ලොකු අල ගෙඩි 5ක්
කොල පාට bell pepper ගෙඩි 2ක්
කොත්තමල්ලි ඇට මේස හැදි 2ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1/2ක්
වියලි මිරිස් කරල් 6ක්
තෙල් බෝතල් 1/2ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2ක්
ඉගුරු, සුදු ළූණූ paste මේස හැදි 1ක්
තක්කාලි ගෙඩි 2ක්
කරපිංචා ඉත්තක්
රම්පෙ කොළ කෑල්ලක්
කහ කුඩු තේ හැදි 1/2ක්
ලුණු පදමට
උණු වතුර අඩු කෝප්ප 1 1/2ක්

මුලින්ම කොත්තමල්ලි, වියලි මිරිස්, ගම්මිරිස් කබලේ බැදගන්න. ඉන්පසු එය blender කරගන්න.

අල ගෙඩි ටික සුද්දකරගෙන කොටු වශයෙන් කපාගන්න. අගල් 1කේ 1කේ වගේ වෙන්න. ඉන්පසුව කපාගත් අල ගැඹුරු තෙලේ බැදගන්න. පසුව තෙල් බේරිමට තියන්න.

ඒ අතර භාජනයක් රත් කරලා එයට තෙල් මේස හැදි 2ක් පමන දමා රත් වන විට, සිහින්ව කපාගත් ළූණූ, සුදු ළූණූ, ඉගුරු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කහ කුඩු දමා රන්වන් පැහැ වෙන විට තක්කාලි, ලුණු පදමට සහ කලින් blender කරගත්ත කුඩු මිශ්‍රණය එකතුකර හොදින් කවලම් කරගන්න.

මද වේලාවකින් වතුර දමා මදගින්නේ විනාඩි 5ක් පමන තබා එයට කොටුවට කපාගත් bell pepper සහ අල එකතුකර විනාඩි 10 පමන මද ගින්නේ පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 284 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:39 PM
Script:/article/284/potato-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:39 PM
Script:/article/284/potato-curry-recipe.html