අතේ නැති සල්ලි ඉතුරු කරගන්නෙ මෙහෙමයි

June 4, 2017
9,233
How to save money
සල්ලි කියල කියන්නේ හැමදෙනාටම ලොකු ප්‍රශ්නයක්. සල්ලි නැති කමත් ප්‍රශ්නයක්. සල්ලි වැඩිපුර තියෙන එකත් ප්‍රශ්නයක්. අමාරුවෙන් හරිහම්බ කරගන්න සල්ලි, රුපියල දෙක හරි ඉතිරි කරගන්න පුළුවන් කමක් ලැබුනොත් ඒක කොයි තරම් වටිනවද?

වතුර බින්දුව බින්දුව එකතු වෙලා ලොකු ගංගාවක් හැදෙනවා වගේ, රුපියල රුපියල හරි එකතු කරගන්න මහන්සි ගත්තොත්, මාස කිහිපයක් ඇතුලත යම් සැලකිය යුතු මුදලක් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේක අවබෝධයෙන් අනුගමය කලොත් ලොකු වාසියක් වෙනවා.

හැමදාම හවසට තමන් සතුව ඇති මුදල් ප්‍රමාණය ගණන් කරන්න.

වැඩ ඇරිලා ගෙදර ආපු හැටියේ, මහන්සි නොබලා මේ දේ කරන්න. වියදම් ඔක්කොම අවසානයේ, දවසේ අතේ ඉතුරු වුනු මුදල් ප්‍රමාණය ගණන් කරන්න.

ඔබට රුපියල් 232ක් ඉතුරු විදිහට ළඟ තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම නම්, අගට 0ක් එන විදහට යම් කිසි රුපියක් ගණනක් අඩු කරන්න.
232-2=230 හෝ ඉලක්කම් දෙකක්ම අඩු කරලා,
232-32=200 විදිහටත්, රවුම් අගයක් ලබා ගන්න පුළුවන්.

ඔබේ කැමැත්ත විදිහට රුපියල් 2 හෝ රුපියල් 32 වෙනම ඉතිරි කරන්න. මේක ඉතිරියක් විතරයි. මේක වියදම් කරන්න හිතන්නවත් එපා. කැටයකට දාන්නත් පුළුවන්. එතකොට හැමදාම පහුවෙනිදාට ඔබේ අතේ ඇති සම්පුර්ණ මුදල ගැනත් ඔබට හරි අවබෝධයක් තියෙනවා.

කලින් මාසේ පඩියෙන් ඉතිරිය අයින් කරන්න.

මේක කියවද්දී හිනා යනවත් ඇති නේද? හැම මාසෙම නැති වුනත්, කලාතුරකින් හරි ඔබට කලින් මාසෙන් කියක් හරි ඉතිරියක් තිබුනොත්, ඒකත් කලින් ඉතිරියටම බැර කරන්න. කලින් මාසේ පඩියෙන් රුපියල් 530ක් ඉතුරු වුනා කියලා හිතන්න. එතකොට ඒ 530 වෙනම අනිවාර්යයෙන් ඉතිරි කරන්න. එහෙම මාස කිහිපයක් ඉතිරි කරන්න පුළුවන්කම ලැබුනොත්, යම් කිසි ගානක් ඉතිරි කරගන්න ඔබට පුළුවන් කම ලැබෙනවා.

මේ විදිහට ඉතිරිය පුරුදු කරගත්තොත්, කාලයක් යනකොට ඔබ නොදැනුවත්වම ඔබේම කියලා පුංචි හරි මුදල් ඉතිරියක් ඔබ සතු කර ගන්න පුළුවන්කම ලැබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 300 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:31:48 PM
Script:/article/300/how-to-save-money.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:31:48 PM
Script:/article/300/how-to-save-money.html