විවාහ ජීවිතය අසාර්ථක වෙන්න හේතු වෙන ඔබ කරන වැරදි

September 7, 2017
7,020
Mistakes you do that lead to a unsuccessful marriage
ආදරේ කරන කාලේදී හිතේ තියෙන සැහැල්ලුව, නිදහස විවාහ ජිවිතයක් ගත කරන්න ගත්තහම නැහැ. විවාහය කියන්නේ සංකීර්ණ බැඳීමක්. ඒ තුල තියෙන වගකීම්, යුතුකම් සියල්ලක්මත් ඒ වගෙයි. ගොඩක් දෙනෙක් විවාහ ජිවිතයක් පටන් ගත්තහමත් ඒ ගැන සැහැල්ලුවෙන් හිතන්න, වැඩ කරන්න උත්සාහ කරන එක වගේම වගකීම් විරහිත විදියට කටයුතු කිරීම නිසා පවුල් ජිවිත තුල බොහෝ ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් වෙනවා. බලන්න ඔයත් මේ වැරදි කරනවද කියලා. එහෙම නම් ඉතින් ගෙදර හැමදාම ප්‍රශ්න ඇති වෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ කියන කරුණු කාන්තා පිරිමි කියලා භේදයක් නැතුව හැමෝටම පොදු දේවල්.

1. එකිනෙකා අතර ඇති දුරස්ථ බව

නිතරම බිරිඳක් සිය සැමියා සමග කාලය ගත කරන්න වගේම, සැමියත් තම බිරිඳ සමග කාලය ගත කරන්න කැමතියිනේ. ඒත් ගොඩක් වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙකුගේ හෝ දෙදෙනාගේම වැරදි, අතපසු වීම්, මඟහැරී යාම් නිසා එකිනෙකාට සමීපව ඉන්න තියෙන අවස්ථාවන් නැතිවී යනවා. මේ දුරස්ථ බව පවුලේ පැවැත්මට හානි ගෙන දෙනවා වගේම ප්‍රශ්න, මතගැටුම් ඇති වීමටත්, එකිනෙකා සැක කිරීමටත් හේතු වෙනවා. ඒ නිසා ඔයා විවාහ වෙලා ඉන්න හෝ විවාහ වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ සම්බන්ධව අවධානය යොමු කරන්නම ඕන.

දෙදෙනා අතර තියෙන සමීප බවේ ස්වභාවය මත පවුල් ජිවිතයේ පැවැත්ම රඳා පවතිනවා. එනිසා බිරිඳ වෙනුවෙන් යම් කාලයක් වැය කරන්න. සැමියා වෙනුවෙන් කාලයක් වැය කරන්න. දෙදෙනාගේම වැඩ කටයුතු ගැන විමසන්න. එකිනෙකාට ආදරෙන් කතා කරන්න. එකිනෙකාට ගෞරව කරන්න පුරුදු වෙන්න. ඒ තුළ පෙර කී දුරස්ථ බව ඇති වෙන්නේ නැහැ.

2. අනවශ්‍ය නීති රීති

අනවශ්‍ය විදියට නීති රීති වලට යටත් වෙලා ජිවත් වෙන්න කවුරුවත් කැමති නැහැ. එත් මේක විවාහ වුනු ගොඩක් දෙනෙක් කරන ලොකු වැරැද්දක්. නීති දාලා අනිත් කෙනාව පාලනය කරන්න උත්සාහ කරන එක. හැමදේටම උපදෙස් දෙන්න යනවා. අනිත් කෙනා අතින් ඕනවට වඩා පාලනය වෙන්න කවුරුවත් කැමති නැහැ. ඒ නිසා නීති දාන්න යන එක නතර කරන්න. අනිත් කෙනාව පාලනය කරන්න යනවට වඩා වැදගත් වෙන්නේ එකිනෙකාව හොඳින් තේරුම් අරන් එකිනෙකාට සහය වෙන එක. ඒ වගේම හරි වැරැද්ද පෙන්නලා දෙන එක, නීති දාලා අනිත් කෙනාව පාලනය කරන්න ගිහින් නැති ප්‍රශ්න ඇති කර ගන්නවට වඩා හොඳයිනේ.

3. හැංගි හොරා කරන වැඩ

මේ කියන කාරණාව නම් ඉතිං අනිවාර්යෙන් පවුල් ජිවිතේ ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙනවා. ගොඩක් අය තමන් කරන කියන සමහර දේවල් අනිත් කෙනාගෙන් හංගන්න යනවා. ඒ ජිවිත කාලෙම හංගගෙන ඉන්න සිද්ධ වෙන වැඩ කරන්න යනවා. මේ වැරැද්ද නිසා පවුල් ජීවිතය තුල ප්‍රශ්න ඇති වෙන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. කරන්න තියෙන හොඳම දේ තමයි ඒ වගේ හැංගි හැංගි කරන වැඩ නතර කරන එක. අනිත් දේ තමයි ඔයාට ඇති වෙන ප්‍රශ්න, අපහසුතා හිතේ තියාගෙන ඉන්නේ නැතුව අනිත් කෙනා එක්ක ඒවා ගැන කතා කරන්න. ඒකෙන් දෙන්න අතරේ තියෙන බැඳීම් තවත් ශක්තිමත් වෙයි.

4. තනි කිරීම

මේක නම් ඉතිං ගොඩාක් වෙලාවට ස්වාමිපුරුෂයන් අතින් සිද්ධ වෙන වැරද්දක්. හැබැයි බිරින්දෑවරුන්ටත් තරමක් අදාලයි. සැමියා දවස පුරාම රාජකාරී කටයුතු හා වෙනත් කටයුතු වලට යොමු වුනහම බිරිඳ ගැන හොයන බලන එක තරමක් මඟහැරෙන්න පුළුවන්. එහෙම වුනහම බිරිඳ තනි වෙනවා. ඒ වගේම තමයි බිරිඳ අතිනුත් මේ වැරැද්ද වෙන්න පුළුවන්. වැඩ රාජකාරි අතරේ ඔයාල දෙන්නට ඔයාල දෙන්නව මඟ හැරෙන්න පුළුවන්. මේක දෙදෙනා අතර හිත් රිදීම් හිත් අමනාපකම් ඇති වෙන්නත් හේතුවක් වෙනවා. ඒ නිසා දෙපාර්ශවයම මේ ගැන ටිකක් හිතලා මේ වැරැද්ද හදා ගත්තේ නැත්තන් පවුල් ජීවිතය විනාශ වෙන්න මේ කාරණාව ප්‍රධානම හේතුවක් වේවි.

5. වගකීම් විරහිත බව

බොහෝ සම්බන්ධතාවලදී තමාට ඇති වගකීම් ඉටු නොකිරීම පැහැර හැරීම මෙන්ම වගකීම් ගැන හරිම සැහැල්ලුවෙන් හිතන එක දකින්න පුළුවන්. විවාහ ජිවිතයක් කියන්නේ ආදරේ කරන කාලේදී වගේ සැහැල්ලුවෙන් ගෙනියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සංකීරණ වූ බැඳීමක්. එහෙම සංකීර්ණ වෙන්න විවාහයත් එක්ක ඔයාගේ කර මත පැටවෙන වගකීම් හේතුවක් වෙනවා. ඒ නිසා විවාහයත් එක්ක ඔයාට ඔයාගේ වගකීම් අමතක කරන්නත් බැහැ. එහෙම උනොත් එකිනෙකා අතර ගැටුම් ඇති වෙන්න ඒක හේතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 405 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:28:36 AM
Script:/article/405/mistakes-you-do-that-lead-to-a-unsuccessful-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:28:36 AM
Script:/article/405/mistakes-you-do-that-lead-to-a-unsuccessful-marriage.html