ඔයාගේ දරුවටත් මේ වගේ තත්වයක් ඇති වෙන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න

September 17, 2017
4,650
You should be informed before these happen to your child
දරුවෝ තරම් සම්පතක් අම්මෙකුට තාත්තෙකුට තවත් තියෙන්න විදියක් නැහැනේ. ඒ නිසානේ අපි අපේ දරුවෝ වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරන්නේ. ඒ වගේම දරුවන්ගේ සෞඛ්‍ය ගැනත් මව්වරු ගොඩාක් වද වෙනවා. ඒ නිසා තමයි දරුවෝ සම්බන්දයෙන් ඇති වෙලා තියෙන විශාල සෞඛ්‍ය ගැටළුවක් ගැන කතා කරන්න හිතුවේ. දරුවන් තරබාරු වීම බොහෝ රටවල විශාල ගැටලුවක් වී තිබෙනවා. ඒක ලංකාවට කියලා වෙනසක් නැහැ. රටේ අනාගතය මෙහෙම සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳිනකොට ඒක දරුවන්ට විතරක් නෙවෙයි රටේ අනාගතයටත් බලපානවා.

1. දරුවන් මෙහෙම තරබාරු වෙන්නේ ඇයි කියලා මුලින්ම දැනගෙන ඉදිමු.

මෙහෙම වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ක්ෂණික ආහාර වලට හුරු වීම. බොහෝ වෙලාවට ක්ෂණික ආහාර වල අධික සීනි, මේදය හා පිෂ්ටය අඩංගු වෙනවා. නිතරම වගේ මෙවැනි ආහාර ලබා ගන්න පුරුදු උනොත් අනිවාර්යෙන් ස්ථුල බාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ජානමය බලපෑමක් සහ හෝමෝන වල බලපෑමකුත් සිදු වෙනවා. එහෙම උනත් මේ විදිහට දරුවන් තරබාරු වෙන්න ඔවුන්ගේ ආහාර රටාව වගේම ව්‍යායාම වල මදී කමත් වැඩි වශයෙන් බලපානවා.

මෙසේ තරබාරු වූ දරුවන් වැඩිහිටි වියට පත් වීමත් සමඟ නොයෙකුත් ශාරීරික හා මානසික ගැටලු වලට මුහුණ දෙනවා. විශේෂයෙන් අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, හෘද රෝග වැනි බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම සම වයස් කණ්ඩායම් අතර ඔවුන් උසුළු විසුළු වලට ලක් වීමත් නිසා මානසික වශයෙන් පිඩනයට ලක් වීමට හේතු වෙනවා. ඒ වගේම තමන්ගේ රුපය ගැන ඔවුන් තුල ඇති වන ඍණාත්මක හැඟීම් නිසා මානසික වශයෙන් ගැටළු ඇති වෙනවා.

2. තරබාරු කම මට්ටු කරන්න මොනවද කරන්න පුළුවන්.

මෙහිදී දෙමවුපියන් වශයෙන් ඔබට ලොකු වගකීමක් පවතිනවා. ගොඩක් දෙනෙක් මේකට විසඳුමක් විදිහට දරුවන්ගේ ආහාර පාලනය කරන්න උත්සාහ කරනවා. එත් ඒ දේ කිසිම වෙලාවක කල හැක්කක් නෙවෙයි. මොකද එය දරුවන්ගේ පෝෂණයට වගේම වර්ධනය අඩපන කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා මෙහිදී කල යුතු වැදගත්ම දේ තමයි සමබල ආහාර වේලක් ලබා දෙන එක සහ ප්‍රධාන ආහාර වේල් වලට අමතරව ලබා ගන්න කෙටි ආහාර වේල් සඳහා ක්ෂණික ආහාර ලබා දීම හැකි තරම් අවම කිරීම. කෙටි ආහාර වේල් සඳහාත් පෝෂ්‍යදායි දේ ලබා දෙන්න. ඒ වගේම ව්‍යායාම වල නිරත කරවීමත් මෙහිදී අනිවාර්යයෙන්ම වැදගත්.

සිසිල් බිම වර්ග, අධික ලෙස පිෂ්ටය, මේදය හා සීනි අඩංගු අහාර දීම නතර කරලා වැඩිපුර එලවළු පලතුරු ආහාරයට එකතු කරන්න. වැඩි පුර වතුර බොන්න දරුවාව හුරු කරන්න. ආහාර වේල් මඟහරින්න ඉඩ දෙන්න එපා. ඒ වගේම තමයි කෑම මේසයේ ඉඳගෙන ආහාර ගන්න පුරුදු කරන්න. රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියෙහි ඉඳගෙන ආහාර ගැනීමෙන් නොදැනුවත්වම වැඩිපුර ආහාර ගැනීමට එය හේතුවක් වෙනවා. ඒ වගේම රූපවාහිනිය හෝ පරිගණකය භාවිතයෙන් ඈත් කොට නිවසේ වැඩ කටයුතු සඳහා දරුවන් එකතු කර ගන්න. විවිධ ක්‍රීඩා සඳහා යොමු කරන්න.

මවක් විදිහට ඔයා මේ දේවල් ගැන අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න. මොකද දරුවෝ අපේ වටිනාම සම්පත නිසා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 417 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:22 AM
Script:/article/417/you-should-be-informed-before-these-happen-to-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:22 AM
Script:/article/417/you-should-be-informed-before-these-happen-to-your-child.html