කිරි දෙන මව්වරුන්ට ලෙමන් මිශ්‍ර වතුර පානයෙන් ලැබෙන නොසිතූ සෞඛ්‍ය ප්‍රතිලාභ

January 3, 2018
5,263
Benefits of lemon for feeding mothers
ලෙමන් කියන්නේ රුපලාවන්‍ය කටයුතු වලට වගේම සෞඛ්‍ය ගැටළු වලට නිතර නිතර භාවිතයට ගන්න අමු ද්‍රව්‍යක්, ඖෂධයක් කිව්වොත් වැරදි නැහැ. ඒ වගේම කිරි දෙන මවකට ලෙමන් යුෂ මිශ්‍ර වතුර පානය කිරීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් දරු ප්‍රසුතියකින් පස්සේ මවකට ඇති වන විවිධ අපහසුතාවන්, බරපතල නොවන සුළු සුළු රෝගී තත්ත්වයන්ට ලෙමන් මිශ්‍ර වතුර පානයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ලෙමන් කියන්නේ ඉතාමත් පහසුවෙන් සපයා ගන්න පුළුවන් දෙයක් වගේම පහසුවෙන්ම සිරුරට අවශ්‍ය විටමින් D ලබා ගත හැකි හොඳ මුලාශ්‍රයක්. ලෙමන් වල විටමින් C, විටමින් D, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, කාබෝහයිඩ්රේට සහ ප්‍රෝටීන් වලින් සමන්විතයි. දිනපතා පිරිසිදු වතුර වීදුරුවකට ලෙමන් ගෙඩියකින් භාගයක හෝ ඊට අඩුවෙන් යුෂ එකතු කරලා පානය කළොත් මෙන්න මේ කියන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

1. නිරෝගී මව් කිරි සැපයුමකට ඉතා වැදගත්

මව් කිරි ලබා දෙන කාල සීමාව ඇතුළත ලෙමන් යුෂ මිශ්‍ර වතුර පානයෙන් මවට විජලන තත්ත්වයන් ඇති වීම අවම කරනවා. ඒ වගේම ප්‍රබෝධමත්ව ඉන්නත් එය උදවු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ලෙස කිරි සැපයුමකට හේතු වෙනවා. දිනපතා වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන අතරතුර ලෙමන් මිශ්‍ර වතුර විදුරුවකුත් පානය කරන්න අමතක කරන්න එපා.

2. ආහාර ජීර්ණ පද්දතියේ ගැටළු මඟ හරවයි

ආහාර ජීර්ණ පද්දතියේ නිසි ක්‍රියාකාරිත්වයට එය උදවු වෙනවා. ඒ වගේම විශේෂයෙන් දරුවාගේ ජීරණ ක්‍රියාවලියද ඒ මඟින් පහසු කරවමින් ආහාර ජීර්ණය සම්බන්ධයෙන් ඇති වන සියලුම ගැටළු සුව කරන්න හේතු වෙනවා.

3. උගුරේ වේදනාවන් අවම කරවයි

ලෙමන් වතුර මඟින් ඇති වන උගුරේ වේදනාවන්ට සහනයක් සපයනවා. එය උගුරේ ඇතිවන ආසාදන විනාශ කරමින් වේදනාවන් සුව කරනවා.

4. රුධිර පීඩනය අඩු කරයි

සමහර අවස්ථාවලදී කිරි දෙන මව්වරුන් අධික රුධිර පීඩනයකින් පෙළෙනවා. ලෙමන් වතුර පොටෑසියම් වලින් පොහොසත්. ඒ නිසා ලෙමන් වතුර පානයෙන් ඔබේ රුධිර පීඩනය අඩු කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෙමන් මිශ්‍ර වතුර දිනපතා පානයට ගන්නා මව්වරුන් තුළ ඔක්කාරය හා හිසරදය වැනි තත්ත්වය ඇති කිරීමත් ඉතා අඩුයි.

5. නහර ඉදිමුම වළක්වයි

දරු ප්‍රසුතියකින් පස්සේ ඇතැම් මව්වරු මුහුණ දෙන තත්ත්වයක් තමයි නහර වල ඇති වන ඉදිමුණු ස්වභාවය. මේ තත්ත්වය මඟ හරවා ගන්න ලෙමන් මිශ්‍ර වතුර පානය උදවු වෙනවා.

6. පියයුරු පිළිකා අවදානම අවම කරයි

ලෙමන් වල අඩංගු ප්‍රතිජීවක ගුණයන් සහිත රසායනිකයන් පියයුරු පිල්කා ඇති වීමේ අවදානමෙන් ඔබව මුදවා ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 603 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:11 PM
Script:/article/603/benefits-of-lemon-for-feeding-mothers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:11 PM
Script:/article/603/benefits-of-lemon-for-feeding-mothers.html