කරීඩ් ෂ්‍රිම්ප් ඩෙවිල්ඩ් එග්ස්

October 26, 2017
3,891
Curried Shrimp Devilled Eggs Recipe
12 දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා ගත් ලොකු බිත්තර 6
මැයෝනෙස් සෝස් තේ හැඳි 1
ලුණු රස පදමට
චිලි පේස්ට් තේ හැඳි 1/4
නැවුම් දෙහි යුෂ තේ හැඳි 3/4
කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොල තේ හැඳි 1
අඹරාගත් සූදුරු තේ හැඳි 1/4
තුනපහ කුඩු තේ හැඳි 1/4
පොත්ත සහිතව තම්බා ගත් මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් 16
සැරසීමට කොත්තමල්ලි කොල

සාදන ක්‍රමය :

1. බිත්තර දෙකට කපා ගෙන, කහ මදය ඉවත් කර වෙනත් බඳුනකට දමන්න.

2. බිත්තර කහ මද වලට මැයෝනෙස්, ලුණු, චිලි පේස්ට්, දෙහි යුෂ, කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොල, සූදුරු සහ තුනපහ දමා හොඳින් පොඩි කර ගන්න. (මෑෂ් කරන්න.)

3. ඉස්සන් 4 දෙනෙක් පිරිසිදු කර කුඩාවට කපාගෙන කහ මද මිශ්‍රණයට දමා කලවම් කරන්න.

4. මිශ්‍රණය පයිපින් බෑගයකට දමා බිත්තර සුදු මදයට පයිප් කරන්න.

5. ඒ මත ඉස්සෙක් සහ කොත්තමල්ලි කොලයක් තබා පිලිගන්වන්න.

6. පයිපින් බෑගයක් නොමැති නම් ප්ලාස්ටික් සැන්ඩ්විච් බෑගයක් ගෙන එහි එක් කොණක් කපා භාවිතා කළ හැකිය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 476 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:19 PM
Script:/article/476/curried-shrimp-devilled-eggs-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:19 PM
Script:/article/476/curried-shrimp-devilled-eggs-recipe.html