මොකද්ද මේ නිසරු බව කියන්නේ? ඔබත් අදම දැනුවත් වෙන්න

October 30, 2017
5,282
What is less productivity
දරුවෝ කියන්නේ දෙමවුපියන්ට සම්පතක්. දරුවෙක් ලැබෙන්න පොඩි හරි ප්‍රමාදයක් වුනොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වගේම නොසෑහෙන්න බාර හාර වෙන්නෙත් ඒ නිසානේ. විවාහ වුණු යුවලකගේ ඊළඟ බලාපොරොත්තුව කිරි සිහිනය හැබෑ කර ගන්න එක. එත් අවාසනාවකට ඒ සිහිනය සැබෑ වෙන්නේ පිරිසකගේ විතරයි. සුළු පිරිසකට ඒ වාසනාව නැති වෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඒකට ගොඩාක් හේතු බලපානවා. හේතුව තියෙන්නේ කාන්තාවගේ පැත්තේ විතරක් නෙවෙයි. නිසරු බව කියන එක කාන්තාවන් තුල වගේම පිරිමි පාර්ශවය තුලත් ඇති වෙන්න පුළුවන්.

ඇත්තටම මොකද්ද මේ නිසරු බව කියන්නේ? එහෙම වෙන්න හේතුව මොකද්ද?

නිසරුභාවය කියලා කියන්නේ උපත් පාලන ක්‍රමවේදයක් භාවිතා නොකර සිදු කරන ලිංගික ක්‍රියාවලින් පසුව වසරක් ගතවෙන තුරුත් දරුවන් නොමැති වීමයි. මේ නිසරු බව ඇති විම ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ උපතින්ම නිසරු බව ඇති වීම හා හදිසියේ ඇතිවෙන විවිධ අනතුරු හා ආබාධ, රෝග ආදිය නිසා නිසරු බව ඇති වීම වශයෙන්.

දරුවෙක් පිළිසිඳ ගැනීමට නම් පියවර කිහිපයක්ම සාර්ථකව සම්පුර්ණ වෙන්න ඕන. පිරිමියකුගේ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් ඇතුළු වීමත් කාන්තාව සාමාන්‍ය පරිදි ඩිම්බ මුදාහැරීමත් මුලිකව සිදු විය යුතුයි. තැන්පත් වූ ශුක්‍රාණු ගර්භාෂය හරහා පැලෝපීය නාල වෙත ගමන් කිරීමත්, ඩිම්බ මෝචනය හරහා ඩිම්බ පහළට ගමන් කිරීමත්, අනතුරුව ඩිම්බ සහ ශුක්‍රාණු එක්වී සංසේචනය වීමේ හැකියාව පැවතිය යුතුයි. ඊට පස්සේ සංසේචනය වූ ඩිම්බය ගර්භාෂයට ගොස් ගර්භාෂයේ අභ්‍යන්තර පටලයේ තැන්පත් විය යුතු වෙනවා. ඒ තමයි මුලිකම ක්‍රියාවලිය.

මේ කිව්ව පියවරයන් එකක් හෝ නිසි පරිදි සිදු නොවුනොත් පිළිසිඳ ගැනීම සම්බන්ධ යම් යම් ගැටලූ ඇති වෙනවා.

මේ පියවර නිසියාකාරව සිදු නොවෙන්න කාන්තාවන් තුල ඇති වන තත්ත්වයන් මොනවද?

* හෝමෝන වල බලපෑම නිසා නිසි පරිදි ඩිම්බ නිකුත් නොවීම
* සංසේචනය වූ ඩිම්බය ගර්භාෂය තුල තැම්පත් නොවී ගබ්සා වීම
* ගර්භාෂයේ ගෙඩි හට ගැනීම
* පැලෝපීය නාලයේ ඇති වන යම් යම් අවහිරතා
* ගැබ් ගෙල අසාදන

වැනි හේතුන් කිහිපයක්ම කාන්තාවන් සම්බන්ධයෙන් බලපානවා. පිරිමි පාර්ශවය තුළ,

* වෘෂණ කෝෂ නිසි පරිදි වර්ධනය නොවීම
* දුම්පානය
* මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය
* දියවැඩියාව, ගොනෝරියා වැනි රෝග නිසා ශුක්‍රානාලවල ඇති වෙන ගැටලූ
* අනතුරු නිසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට සිදු වන හානි

වැනි තත්ත්වයන් බලපෑම් කරනවා.

මේ තත්තයට විවිධ ක්‍රම භාවිතයෙන් ප්‍රතිකාර කිරීමේ හැකියාව දැන් පවතිනවා. මුලින්ම මේ වගේ තත්ත්වයක් හඳුනා ගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු විය යුතුයි. එහිදී දෙදෙනාම සම්බන්ධයෙන් කරන පර්යේෂණ වලින් ගැටලුව පවතින්නේ කා තුලද කියා හඳුනා ගැනීමෙන් පසුව ප්‍රතිකාර ආරම්භ කල හැකියි.

කාන්තාවකගේ ගර්භාෂය හා ඒ සම්බන්ධ අනෙකුත් ගැටළු සඳහාත් ශුක්‍රානු සම්බන්ධ ගැටළු සඳහාත් වෙන් වූ ඖෂධ ප්‍රතිකාර කිරීම මඟින් මේ තත්ත්වයට විසඳුම් සොයන්න පුළුවන්. ඒ ප්‍රතිකාර ඵලදායී නැත්තන් නළ දරු උපත්, ශුක්‍රාණු , ඩිම්බ පරිත්‍යාග කිරීම් හරහා නවීන තාක්ෂණය සමඟ දරු සම්පත ලබන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 484 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:26:59 AM
Script:/article/484/what-is-less-productivity.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:26:59 AM
Script:/article/484/what-is-less-productivity.html