ගත වන කාලය විනාඩි 20
දෙදෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
පොතු ඉවත් කරගත් ඉදුනු අඹ ග්‍රෑම් 10
පොතු ඉවත් කරගත් පිපිඤ්ඤා ග්‍රෑම් 10
ලූණු කොල ග්‍රෑම් 10
තක්කාලි ග්‍රෑම් 10
කොත්තමල්ලි කොල අවශ්‍ය පමණට
අමු මිරිස් කරල් 1
රට කජු ග්‍රෑම් 10
තල ඇට තේ හැඳි 1
සුදු ලූණු බික් 2
සලාද කොල අවශ්‍ය පමණට
අයින් බර්ග් කොල කිහිපයක්
සාදන ක්‍රමය :
1. අඹ, පිපිඤ්ඤා, ලූණු කොල, තක්කාලි, සලාද කොල, අයිස් බර්ග්, සුදු ලූණු කැමති හැඩයකට කුඩාවට කපා ගන්න. කට පළල් භාජනයකට දමන්න.
2. වෙනත් භාජනයක් ගෙන කොත්තමලී කොල, අමු මිරිස්, රට කජු, තල ඇට කලවම් කර කපාගත් එළවළු පලතුරු සමඟ මිශ්‍ර කරන්න.
3. සැලඩ් එක මත තායි සැලඩ් ඩ්‍රෙසින් වත් කර පිළිගන්වන්න.
තායි සැලඩ් ඩ්‍රෙසින් සාදන ආකාරය :
සීනි මේස හැඳි 02
සැලඩ් ඔයිල් මේස හැඳි 02
තල තෙල් මේස හැඳි 01
මාළු සෝස් මේස හැඳි 01
කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 01
කුඩාවට කපාගත් සේර තේ හැඳි 01
කුඩාවට කපාගත් සුදු ලූණු තේ හැඳි 01
කුඩාවට කපාගත් ඉඟුරු තේ හැඳි 01
තල ඇට මේස හැඳි මේස හැඳි 01
දෙහි යුෂ මේස හැඳි 03
ඉහත සියලු ද්‍රව්‍ය භාජනයකට දමා ගෑරොප්පුවක් හෝ හැන්දක් අධාරයෙන් එකට මිශ්‍ර කරන්න.