නොකා ඉන්න බැරි අයට ඇඟ අඩු කර ගන්න හොඳම විසඳුම් කීපයක්

November 7, 2017
17,696
Super foods to keep your body slim
කවුරු වුණත් කැමති නැහැනේ ඕනවට වඩා ඇඟ මහත් කර ගන්න. විශේෂයෙන් ගෑණු ළමයි තමන්ගේ ඇඟේ හැඩය ගැන ටිකක් වැඩියෙන් හිතනවා. ඒත් ඉතින් එහෙමයි කියලා කෑම පාලනය කරන්න කැමතිත් නැහැනේ. එත් තමන්ගේ වයසට හා උසට ගලපෙන විදිහට ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වාගෙන යන එකත් ගොඩාක් වැදගත්.

හැම පැත්තක්ම සමබරව පවත්වාගෙන යාම මඟින් අනවශ විදිහට ලෙඩ රෝග ඇති වීම වගේම, අධික තරබාරුව වගේ තත්ත්වයන්ගනුත් මිදෙන්න පුළුවන්. ලස්සනට ඉන්න ඕන උනත් කට පාලනය කර ගන්න බැරි අයට හොඳම ආහාර වර්ග කීපයක් තමයි මේ. මේවයින් ඔයාගේ බඩ පුරවනවා වගේම අනවශ්‍ය විදිහට ඇඟ මහත් කරන්නෙත් නැහැ.

1. සුප් වර්ග

අනවශ්‍ය විදිහට මේදය අඩංගු නොවන ශරීරයට අහිතකර වර්ණක හා රසකාරක යොදන්නේ නැතිව පිළියෙළ කර ගත් සුප් වර්ග වලින් ඔයාට අවශ්‍ය පෝෂණය ලැබෙනවා වගේම ඇඟ ලස්සනට තියා ගන්නත් පුළුවන්. නිතරම ගන්න පිෂ්ටය අධික ආහාර අවම කර ඒ වගේ සරල ආහාර වලට හුරු වෙන්න. රාත්‍රියට වැඩි පුර බර ආහාර වෙනුවට එළවලු හෝ මස් වර්ගයක් යොදා පිළියෙළ කර ගත් සුප් එකක් කදිමයි.

2. බිත්තර

බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ප්‍රෝටීන් බහුල ආහාර වේලක් උදෑසනට ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර පාලනයට ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා ඔයාගේ උදෑසන ආහාර වේලට බිත්තරයක් එකතු කර ගත්තොත් වරින් වර දැනෙන කුස ගින්න ඇති වෙන එකක් නැහැ. එහෙම වුනාම ඔයාට නිතරම කෙටි ආහාර ගන්න ඕන වෙන්නේ නැහැ.

3. යෝගට්

යෝගට් කියන්නේ හැමෝම කැමති රසවත් හා පෝෂ්‍යදායි ආහාරයක්නේ. යෝගට් ඔයාගේ ආහාර ජීර්ණ පද්දතිය මනාව පවත්වාගෙන යන්න උදවු කරනවා. ඒ වගේම අවශ්‍ය පෝෂණයත් ලබා දෙනවා.

4. පලතුරු

ප්‍රධාන ආහාර වේලකට පසුව පලතුරු වර්ගයක් ආහාරයට ගන්න පුරුදු වෙන්න. අපි ගන්නා ආහාර හොඳින් ජීර්ණය වෙන්න එය උදව්වක් වෙනවා. පලතුරු වලින්ම විතරක් කුස පුරවන්නත් උත්සාහ කරන්න එපා. එහෙම වුනොත් සිරුරට අවශ්‍ය කරන අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන් මඟ හැරෙන්න පුළුවන්. හැම වෙලාවකම ආහාර වේල සමබර එකක් කර ගන්න උත්සාහ කරන්න.

5. තම්බා ගත් එළවලු

තම්බා ගත් එළවලු වලින් හොඳින් කුස පුරවා ගන්න පුළුවන් වගේම වරින් වර ඇති වෙන කුසගින්න අවම කර ගන්න පුළුවන්. ඒ වගේම එළවලු වල තියෙන තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණය පහසු කරනවා. අනවශ්‍ය ලෙස එළවලු තම්බා ගන්නේ නැතුව ආහාරයට ගන්නවා නම් තමයි වඩා හොඳ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 499 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:19:44 PM
Script:/article/499/super-foods-to-keep-your-body-slim.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:19:44 PM
Script:/article/499/super-foods-to-keep-your-body-slim.html