මුලදී කිරියි පැණියි වගේ හිටපු අයගේ ආදර කතා අතරමඟදී බිඳ වැටෙන්නේ ඇයි? මෙන්න හේතු?

November 21, 2017
6,768
Why relationships break down in half way of the journey
ආදර කතාවක් පටන් ගනිද්දී දෙන්නා මොන තරම් නම් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙනද පටන් ගන්නේ. ඒක ඉතින් හැටි. ඒත් ඉතින් කාලයක් යද්දී ටික ටික ඔය බලාපොරොත්තු එකින් එක නිකන්ම නැති වෙලා යන්න ගන්න ගන්නවා. ඒ වෙනුවට අලුතින් එක එක විදිහේ ප්‍රශ්න ඇති වෙනවා. ඕක තමයි ගොඩාක් ප්‍රේම සම්බන්ධතා වල ඇත්තම තත්ත්වය.
 
ඔන්න ඔය ප්‍රශ්න ටික ටික වැඩි වෙන්න ගත්තම විවාහයකින් කෙළවර වෙන්න දැකපු ආදර හීනේ සදහටම බොඳ වෙලා යනවා. හේතුව මොකක් වෙනවා ඇත්ද? හේතු නම් ගොඩයි. අවබෝධයක් නැති කම තමයි ප්‍රධානම හේතුව. මිනිස්සු කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ. ඒ වගේම හැමෝම හැම අතින්ම සමානත් නැහැ. කාලයක් තිස්සේ ඇසුරු කරද්දී දෙදෙනාගේම වැරදි අඩුපාඩු පෙනෙන්න ගත්තම කතා බහ කරලා විසඳ ගන්න එක තමයි කරන්න ඕන. ගහ මරා ගන්න එක නෙවෙයි. 

ආදරය අහිමි වීමට ප්‍රධාන හේතුවක් තමයි අපේ කට්ටිය ළඟ තියෙන ඉහල අපේක්ෂාවන්. එකිනෙකාගෙන් ඉහල අපේක්ෂාවන් බලාපොරොත්තු වීම හා එම අපේක්ෂාවන් ඉටු නොවෙද්දී ඇති වන කළකිරිම තවත් හේතුවක්. ඒ වගේම දෙදෙනා අතර මත ගැටුම්, ආරවුල් ඇති වෙන්නත් මේ තත්වය බලපානවා. එකිනෙකා හොඳින් තේරුම් අරන් ඉන්නවා නම් අනෙකා තමන්ගෙන් අපේක්ෂා කරන දේවල් ගැන දෙදෙනාම සංවේදී වෙනවා නම් ආදර සම්බන්ධතා වලදී අපි මුහුණ දෙන ගොඩක් ප්‍රශ්න වලින් මිදෙන්න අපිට පුළුවන්.

දුර්වල සන්නිවේදනය නිසා ඇතිවන ආරවුල් හේතුවෙන් අනන්තවත් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. කලින් කිව්වා වගේ තමන්ගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු, අනෙකාට දැනගන්න නම් මනා සන්නිවේදනයක් දෙදෙනා අතරම පවත්වා ගැනීම ඉතා වැදගත්. තර්ක කිරීමට, සැලසුම් කිරීමට සහ ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබට කතා කරන්න වෙනවා. සන්නිවේදනයේ අඩුකම හා දුර්වල සන්නිවේදනය අසාර්ථක සම්බන්ධතාවයන් සඳහා ඇති ප්‍රධානම හේතුවකි.

තවත් සමහර අය ඉන්නවා පෙම්වතා හෝ පෙම්වතියට කොපමණ ආදරය කලත් හිතේ කොනක ඔහු හෝ ඇය පිළිබඳව ඊර්ශියවක් සඟවා ගෙන ඉන්නවා. ඇතැම් වෙලාවට ඔහුට හෝ ඇයට ඔබේ හිතේ තියෙන දේ දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ කරන කියන වැඩ වලින් එක ඔහුට හෝ ඇයට තහවුරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඔයාගේ ප්‍රේම සම්බන්ධයට ගොඩක් ප්‍රශ්ණ ඇති කරන්න හේතුවක් වෙයි.

විශ්වාසය බිඳ වැටීම තවත් හේතුවක්. බැඳීමක් රැක ගන්න නම් අනිවාර්යෙන් විශ්වාසයත් රැක ගන්න ඕන. විශ්වාසය කියන්නේ ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දිනා ගන්න ඕන දෙයක්. ඒ වගේම නැති කර ගත්තොත් අයෙත් ඇති කරන්න බැරි දෙයක්. ආදර සම්බන්ධයකදී අපි හිතා හෝ නොහිතා කරන වැරදි වලින් එකිනෙකා ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවා කරත් වැඩක් නැහැ. කලින් තිබුණු විශ්වාසය අනෙකා කෙරේ ඇති කරන්න බැහැ.

විශ්වාසය නැති උනාට පස්සේ කොච්චර සමාව ලැබුනත් වැඩක් නැහැ. මොකද එතකොට දෙදෙනා අතර තිබුණු ආදරයේ පිවිතුරු බව නැති වෙලා ඉවරයි, දෙදෙනා අතර කොතරම් ආදරයක් තිබුනත් දිගුකාලින සම්බන්දතාවයක් පවත්වාගෙන යන්න ඕන  විශ්වාසය හා අවබෝධය මත කියන එක ඔයා අමතක කරන්න එපා.

ප්‍රේම සම්බන්ධතා වලට සැකය කියන්නේ දරුණුම විෂබීජයක්. පැහැදිලි හේතුවක් නැතුව අනෙකාව අනවශ්‍ය විදියට සැක කරන්න එපා. ඒ වගේම සැකයක් ඇති  උනොත් ඒක තහවුරු වෙනකන් ඉවසිලිවන්ත වෙන්න. එහෙම නොවුනොත් ප්‍රශ්න ගොඩයි. ඒ වගේම ඒ වගේ අවස්ථා වලදී ඒ ගැන කෙලින්ම කතා කරලා ප්‍රශ්නය විසඳගන්න. දිගින් දිගට සැකය හිතේ තියා ගෙන සැකෙන්ම බලනතාක් කල් ආදරණිය සම්බන්දතාවක් පවත්වාගෙන යන්න අමාරුයි.

මේ කිව්ව සියලුම කාරණා නිසා අවසානයේ අපි වෙහෙසට පත් වෙන්වා. සම්බන්ධතාවය, ජිවිතේ ගැන තෘප්තියක් නැතිව යනවා. එකිනෙකා ගැන කලකිරෙනවා. ජීවිතේම එපා වෙනවා. සමහර විට දැනටමත් ඔයා මේ හේතු නිසා හති වැටිලා ඉන්නවා වෙන්න පුළුවන්. සබන්ධතාවය තුල අපි බලාපොරොත්තු වෙන නිදහස, සතුට, සැනසීම නැති වෙලා ගියාම මෙතෙක් කල් අමාරුවෙන් ඇදගෙන අපු, මෙතෙක් කල් පටල ගෙන ඉඳපු අත්වැල බිඳ දමනවා. මේක තමා බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන පටන් ගන්න ගොඩක් අදර සම්බන්දතා වල අවසාන ඉරණම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 530 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:32 PM
Script:/article/530/why-relationships-break-down-in-half-way-of-the-journey.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:32 PM
Script:/article/530/why-relationships-break-down-in-half-way-of-the-journey.html