දහදිය දුගඳ නිසා තවත් අපහසුතාවයට පත් නොවී ගෙදරදීම මේ දේවල් try කරලා බලන්න

November 23, 2017
6,234
Home remedies to fight against body odour
දහදිය පිටවීම දහදිය දුඟද කියන එක අපි හැමෝටම පොදු දෙයක්. මොකද ඒක අපේ ශරීර අභ්‍යන්තර ක්‍රියාවලින්ගෙන් එකක්. ඒ කොහොම වුනත් ගොඩක් දෙනෙක්ට දහදිය දුඟද නම් හරිම කරදරයක් වුනු දෙයක්. පිරිසක් ගැවසෙන තැනකට යද්දී එද්දී ගොඩක් වෙලාවට අපි අපහසුතාවයට පත් වෙනවා වගේම ඉන්න අනිත් අයත් අපහසුතාවයට පත් වෙනවා.

දහදිය දුඟද ඇති වීම සිරුරේ ඇති වෙන දහදිය කුණු, දූවිලි එක්කම බැක්ටීරියා වර්ධනය වීමත් නිසා සිදු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඉතා හොඳින් දිනපතා ශරීරය පිරිසිදු කල යුතු වෙනවා. විශේෂයෙන් අත් යට රෝම ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ මඟින් හොඳින් පිරිසිදු කිරීමේ හැකි වෙනවා. දහදිය දුඟද අවම කිරීම සඳහා ඔයාගේ පිරිසිදු කම ඉතා හොඳින් පවත්වාගෙන යාම තමයි මූලිකම වෙන්නේ.

පිරිසිදුකම රැක ගන්න ගමන්ම අත් යට ඇති වන දහදිය දුඟද පාලනය කිරීම සඳහා ඔයාට ගෙදරදීම කර ගන්න පුළුවන් මේ සත්කාර වලින් පහසු එකක් දෙකක් හෝ කරන්නත් අමතක කරන්න එපා.

1. විනාකිරි

විනාකිරි ස්වල්පයක් පුළුන් කැබැල්ලකින් ගෙන පිරිසිදු කර ගත් අත් යට ගල්වන්න. ඒ මඟින් බැක්ටීරියා වර්ධනය වලක්වන නිසා දහදිය දුඟද ඇති වීම අවම කරනවා.

2. බේකින් සෝඩා සහ ලෙමන් යුෂ

බේකින් සෝඩා තේ හැඳි 2කට ලෙමන් යුෂ තේ හැඳි 1ක් මිශ්‍ර කර පිරිසිදු කර ගත අත් යට අලේප කරන්න. විනාඩි 15ක් තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. ස්නානය කරන එක තමයි වඩා හොඳ.

3. ලෙමන්

ලෙමන් ගෙඩියකින් කපා ගත් ලෙමන් පෙත්තක් පිරිසිදු කර ගත් අත් යට හොඳින් අතුල්ලන්න. එහෙමත් නැත්තන් ලෙමන් යුෂ පුළුන් කැබැල්ලකින් ගෙන අත් යට අලේප කර විනාඩි 15කින් ඉවත් කරන්න.

4. තක්කාලි යුෂ

පොඩි කර ගත් තක්කාලි ගෙඩියක යුෂ හෝ තක්කාලි ගෙඩියක් බ්ලෙන්ඩර් කර පල්පයක් ලෙස සකස් කර අත් යට අලේප කර විනාඩි 15කින් පසු සෝදා ඉවත් කරන්න.

මේ කිව්වේ අත් යට දහදිය දුඟද පාලනයට විසඳුම් කිහිපයක්නේ. ඊට අමතරව සුදුසු විලවුන් වර්ගයක් භාවිතයත් මෙයට හොඳ විසඳුමක්. ඒ වගේම ඔයාගේ ඇඳුම් පැළදුම් ගැනත් සැලකිලිමත් වෙන්න. හොඳින් සෝදා පිරිසිදු කර ගත් ඇඳුම් පාවිච්චියට ගන්න. වැඩි පුර වතුර බොන්න පුරුදු වෙන්න. දහදිය දුඟද අඩු කර ගන්න තියෙන හොඳ ක්‍රමයක් ඒක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 536 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/536/home-remedies-to-fight-against-body-odour.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:44 AM
Script:/article/536/home-remedies-to-fight-against-body-odour.html