හිස කෙස් ගැලවී යාමට ඔයා නොදන්නා තවත් හේතුවක් තියෙනවා

January 5, 2018
8,437
There is another reason to loose hair unnecessarily
කාන්තා පිරිමි දෙපාර්ශවයටම තියෙන මේ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව මොකද්ද කියලා දැන ගන්න ඔයත් කැමති ඇතිනේ. අපි ගොඩක් දෙනෙක් හිතන්නේ හිස කෙස් ගැලවී යන්න හේතුව පෝෂණීය අවශ්‍යතා හරි හැටි ඉටු නොවීම, කොණ්ඩෙට කිසිම සාත්තුවක් නොකිරීම කියලනේ. ඒත් ඔය හැම දේම සම්පුර්ණ වෙලත් ගොඩක් වෙලාවට අපේ හිස කෙස් ගැලවී යන්න බලනවා. එහෙනම් ඒකට හේතුව මොකක් වෙන්න ඇත්ද?

හිස කෙස් ගැලවී යන්න ප්‍රධානම හේතුව තමයි මානසික ආතතිය. එදිනෙදා ජිවිතයේ අපි මුහුණ දෙන නොයෙකුත් ප්‍රශ්න, අභියෝග හා විවිධාකාර හේතු නිසා අපි මානසික ආතතියට පත් වෙනවා. මේ තත්වයට පත් නොවුන කෙනෙක් නැති තරම්. ලෝක ජනගහනයෙන් සෑහෙන්න පිරිසක් මේ තත්වයට මුහුණ දෙනවා.

ඔයත් ජිවිතේ කුමන හෝ අවස්ථාවක මේ තත්වයට මුහුණ දීලා ඇති. ඒ පීඩනය විඳලා ඇති. මානසික ආතතිය නිසා හිසකෙස් ගැලවී යාම වගේම හිසරදය වැනි තත්ත්වයනුත් හා හදවත් රෝග වැනි දරුණු රෝගාබාධ වලට ලක් වීමටත් ඉඩ තියෙනවා. ඒ වගේම විශාදය වැනි තත්ත්වයන් ඇති වී අවසානයේ සියදිවි නසා ගැනීම දක්වා මානසික ආතතිය ප්‍රබල බලපෑමක් කරනවා.

මේ මානසික ආතතිය නිසා හිස කෙස් ගැලවී යන්නේ කොහොමද කියලා ඔයාට ප්‍රශ්නයක් ඇති. මෙන්න මේ හේතුව නිසා තමයි එක වෙන්නේ. සාමාන්‍යයෙන් කොණ්ඩා ගසක ජිවන චක්‍රය තුල ප්‍රධාන අවධීන් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ,

වර්ධන අවධිය

මධ්‍යම අවධිය

සන්දාරක අවධිය එහෙමත් නැත්තන් අවසන් අවධිය

වශයෙන්. ඒ වගේම කෙස් ගසක ආයු කාලය වෙන්නේ සාමාන්‍යයෙන් මාස 3ක් විතර. කෙස් ගසේ අවසන් අවධියේදී කෙස් ගස මත යෙදෙන ඉතා පොඩි පිඩනයකින් වුනත් කෙස් ගස ගැලවී යන්න පුළුවන්. ඔයා දැඩි මානසික පිඩනයකින් යුතුව ඉද්දි කෙස් ගස මුලින් කිව්වා අවධීන් නිසි පරිදි පසු කරන්නේ නැතුව එය මඟ හරිමින් අවසන් අදියරට පත් වෙනවා. එහෙම උනහම ඉතා ඉක්මනින් පොඩි පිඩනයකින් පවා හිස කෙස් ගැලවී යනවා. මේ නිසා තමයි හිස කෙස් ගැලවී යන්න මානසික ආතතිය ප්‍රධානම හේතුවක් වෙන්නේ.

දිනකට කෙස් ගස් 100ක් පමණ හැලී යාම සාමාන්‍යයි. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් නම් ඔයා ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. සමහර විට ඔයා දැනටමත් අසාමාන්‍ය ලෙස හිස කෙස් ගැලවී යාමෙන් පිඩාවට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙන් මිදෙන්න කරන්න තිබුණු හැම ප්‍රතිකාරයක්ම කරත් කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්නත් පුළුවන්. එත් ඔයාට මේ කිව්ව කාරනාව ගැන මතකයට අවේ නැහැ නේද?

සමහර විට ඔයාගේ ඔය ප්‍රශ්නෙට හේතුව මේ කියන මානසික ආතතිය වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයාගේ මනස නිරවුල් කර ගන්න. සන්සුන් මනසක් ඇති කර ගන්න. සරලවම කියනවා නම් ඔලුව අවුල් කර ගන්න එපා. ඉන් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන්න. එහිදී පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම අනිවාර්ය කරුණක්. වැඩිපුර වතුර බොන්න පුරුදු වෙන්න.

ඒ වගේම හිසකෙස් වියලන උපකරණ භාවිතය අවම කරන්න. හිස කෙස් සේදීමේදී නිවැරදි ක්‍රම අනුගමනය සහ තදින් ඇතිල්ලීම හා අත තදින් පිස දැමීම කරන්න එපා. මේ දේවල් ගැනත් ඔයාගේ වැඩි අවදානය යොමු කලොත් හිස කෙස් ගැලවීම තව දුරටත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 606 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:15:54 AM
Script:/article/606/there-is-another-reason-to-loose-hair-unnecessarily.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:15:55 AM
Script:/article/606/there-is-another-reason-to-loose-hair-unnecessarily.html