බටු 500g
තෙල් 1/2ක්
රතු ළූණූ ගෙඩි 15ක්
අමු මිරිස් කරල් 10ක්
කෑලි මිරිස් මේස හැදි 1ක්
කහකුඩු තේ හැදි 1ක්
විනාකිරි කෝප්ප 1/2ක්
ලුණූ පදමට
අබ මේස හැදි 2ක් (විනාකිරෙන් අඹරාගත්)
අඹ චට්නී මේස හැදි 1ක්
ගම්මිරිස් තේ හැදි 1ක්
සීනි මේස හැදි 1ක්
මුලින්ම බටු තීරු ආකාරයට කාපාගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. පසුව එම තෙල් බදුනෙම රතු ළූණූ හා අමු මිරිස් තප්පර 30-40ක් පමන තබා තෙල් බේරීමට හරින්න.
මීලගට අඹරාගත් අබ, ලුණූ, ගම්මිරිස් කුඩු, කහ කුඩු, සීනී, විනාකිරි සමග හොදින් උකුවන ලෙස කලවම් කරගන්න. දැන් එම මිශ්‍රණයට කලින් බැදගත් සියල්ල එකතු කර මිශ්‍රකරන්න. අවසානයේ එයට අඹ චට්නි එකතු කරගන්න.